පුවත්

බෝට්ටුවෙන් රට පනින්න හැදූ පිරිසක් නාවික හමුදා භාරයට 

Published

on

නීතිවිරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්හසා කළ බවට සැකකෙරෙන 20දෙනෙකු නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ.    

ත්‍රිකුණාමලය, ෆවුල් තුඩුවට ඔබ්බෙන් වූ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ දී අද (05) අලුයම සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී බහුදින ධීවර යාත්‍රාවක සිටි එම පිරිස නාවික හමුදා භාරයට ගෙන ඇත.

නාවික හමුදා භාරයට ගත් පිරිස අතර මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් හය දෙනෙකු ද ඇතුළුව වයස අවුරුදු 18 ට වැඩි පිරිමි පුද්ගලයන් 16ක් සිටින බව නාවික හමුදාව පවසයි.

එම පිරිස කලවංචිකුඩි, මඩකලපුව, මූතූර්, යාපනය සහ මීගමුව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව නාවික හමුදාව සඳහන් කරයි

ඔවුන්  ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය වරාය පොලීසිය වෙත භාරදීමට නියමිතව ඇත.

Trending

Exit mobile version