Connect with us

පුවත්

බෝන් අගේන් පාස්ටර් ජෙරම් ගෙනා ඒන්ජල් රත්‍රං ජාවාරමෙක්!

Published

on

දේව බලයෙන් අනාවැකි කියන බව පවසන බෝන් අගේන් නිකායේ ප්‍රධානියා වන ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා සිය ප්‍රවර්ධන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකාවට ගෙන්වූ සිම්බාබ් ජාතික දේවගැතිවරයකු වන ඌබර්ට් ඒන්ජල් මහා පරිමාණ රන් ජාවාරමකට සම්බන්ධ බව අනාවරණය වී තිබේ. 

ඒ අල් ජසීරා ප්‍රවෘත්ති නාළිකාව සිදුකළ ගවේෂණයකදීය.

මෙම දේවගැතිවරයා සිම්බාබේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු ලෙසද කටයුතු කර ඇත. 

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාට අයත් කටුනායක ‘මිරකල් ඩෝම්’ නම් ශාලාවේ පැවැති දේව මෙහෙයන් සඳහා සිම්බාබ්වේ දේවගැතිවරයා අවස්ථා කිහිපයකදී සහභාගි වී ඇත. 

ඒ බව ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයාගේ ෆේස්බුක් ගිණුමේද දක්වා තිබේ.

ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවලදී සිම්බාබ්වේ දේවගැතිවරයා හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂද හමුවී ඇත.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කර ඇති ආකාරයට ඌබර්ට් ඒන්ජල් රන් ජාවාරම හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන ගණනක මුදල් විශුද්ධිකරණය කිරීමට කටයුතු කර තිබේ. 

ඌබර්ට් එය වැඩි වශයෙන් සිදුකර ඇත්තේ සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් මහන්ගග්වා 2001 වර්ෂයේදී ඔහු තානාපතිවරයකු සහ ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයකු ලෙස පත්කිරීමෙන් පසුවය. 

44 හැවිරිදි වියේ පසුවන ඌබර්ට් ඒන්ජල් හට සිම්බාබ්වේද ඇතුළුව රටවල් 15ක ශාඛා ඇති Good News Church නම් සංවිධානයක් තිබේ.

මූලාශ්‍රය – අරුණ

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved