පුවත්

භූ විද්‍යා DGට අනිවාර්ය නිවාඩු දී සභාපති ගෙදර යවයි !

Published

on

විෂමාචාර චෝදනා මත භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සංජන් ද සිල්වා මහතා විනය ක්‍රියාමාර්ගයකට යටත් කර අනිවාර්ය නිවාඩු යවා තිබේ.

පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා විසින් එම තීරණය දන්වා ලිපිය යවා ඇත.

අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සිය බලය අයුතු ලෙස භාවිතා කරන බවට චෝදනා කරමින් වෘත්තීය සමිති විසින් පැමිණිලි කිහිපයක්ම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.

කාර්යාංශයේ සභාපතිවරයාද සම්බන්ධ වී ඇතැයි එම චෝදනා වල දැක්වෙන අතර, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නව සභාපතිවරයා ලෙස ආර්.සංජීපන් මහතා පත්කිරීමට පරිසර අමාත්‍යවරයා නිර්දේශ කර ඇත.

Trending

Exit mobile version