පුවත්

මංගලගේ සිහිනය යථාර්තයක් වූ “වායාම” එළිදැක්වීම ‌හෙට

Published

on

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා දැයෙන් සමුගෙන ‌දෙවර්ෂ පූර්ණය සැමරීම වෙනුවෙන් ප්‍රවීන ලේඛක සුජිත්  අක්කරවත්ත විසින් රචිත “වායාම“ කෘතිය ලබන 24 වැනිදා සවස 3.30ට කොළඹ 07 හෝර්ටන් පෙදෙස ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ එළි දැක්වීමට නියමිතය.

මේ කෘතිය මංගල සමරවීර මහතා වෙනුවෙන් එදිනදී “මානෙල් නැන්දා”ට  (මානෙල් ආනන්දන් මහත්මියට) පිදීමට නියමිතය.

මංගලගේ වීරවරියන්ගේ ලැස්තුවේ ඔහුගේ මව වන ඛේමා සමරවීර හැරුණු විට ප්‍රධානම තැනක් හිමිවන්නේ මානෙල් ආනන්දන් මහත්මියටය.

මානෙල් ආනන්දන් මහත්මිය ගිනස් ලෝක වාර්තා කිහිපයකටම හිමිකම් කියන වී.කේ. කුමාර් ආනන්දන් මහතාගේ බිරිඳය.

පෝක් සමුද්‍ර සන්ධිය හරහා ලංකාවේ සිට ඉන්දියාවට දෙවරක් පිහිනීම ආනන්දන් මහතා තැබූ වාර්තා අතර පෙරමුණ ගත් එක් වාර්තාවකි.

 එම උත්සවයේදී ආචාර්ය මහේෂ් හපුගොඩ, ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග සහ කතුවරයා අදහස් දැක්වීමට නියමිතය.

ගායන ශිල්පිනි නිරංජලා මංජරී එදින ගීත ගායනයෙන් එක්වනු ඇත.

‘වායාම’ ද ලීඩර් ප්‍රකාශනයකි.

Trending

Exit mobile version