පුවත්

මංජුට මුදල් එන තැන් පැහැදිළි නෑ – CIDයට විස්තරාත්මක පැමිණිල්ලක්

Published

on

ශ්‍රී ලංකා ගෝලීය කොංග්‍රසය නම් දේශපාලන ව්‍යාපාරයේ නායකයා ලෙස පෙනී සිටින මංජු නිශ්ශංක නැමැත්තා ට විදෙස් රටවලින් මුදල් ලැබෙන මූලාශ්‍ර පැහැදිලි නැති බවත්, එය විනාශකාරී තත්ත්වයක් විය හැකි බවත් පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ.

මෙසේ පැමිණිලි කර ඇත්තේ ඕෂල හේරත්, නීතීඥ නාමල් රාජපක්ෂ හා  සේපාල අමරසිංහ යන මහත්වරුන් විසිනි.

ඔවුන් සිය පැමිණිල්ලෙන් පෙන්වා දී ඇත්තේ මංජු විසින් මුදල් විශුද්ධිකරණ සහ මැතිවරණ වියදම් පනත් උල්ලංඝනය කර ඇති බවයි.

මංජු ලංකාවට අමතරව, ඇමරිකාව හා එංගලන්තයේ පුරවැසිභාවය හිමි අයෙක් බවත් ඔවුන් හෙළිකර තිබේ.

ශ්‍රී ලංකා ගෝලීය කොංග්‍රසය මෙරට ලියාපදිංචි නොවූ දේශපාලන ව්‍යාපාරයක් බවත්, එම කොංග්‍රසය ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 5ක් හා දකුණු පළාතේ එක් පළාත් පාලන ආයතනයක් වෙනුවෙන් ”අරුණලු ජනතා පක්ෂය”නම් දේශපාලන පක්ෂයක්ද ‌යොමුකර ඇති බවද පැමිණිල්ලෙන් හෙළිකර ඇත.

අදාළ තැනැත්තා ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතාගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් රුපියල් මිලියන 30ක පමණ මුදලක් වියදම් කර ඇති බවත්, ගොඩහේවා මහතා රාජ්‍ය අමාත්‍ය ධූරය දැරූ සමයේ ඒ වෙනුවෙන් අමාත්‍ය උපදේශක තනතුරක් හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ධුරයක් ලබාදී ඇති බවද පැමිණිල්ලෙන් වැඩිදුරටත් කියා සිටී.

ඔහුගේ ව්‍යාපාර හා දේශපාලන මූලස්ථානය ලෙස දැනට වසරකට වැඩි කාලයක සිට කොළඹ ඇක්සස් ගොඩනැගිල්ලේ 6 වැනි මහල වෙන්කර ගනිමින් පවත්වාගෙන යන බවත්, මේ සදහා දලවශයෙන් මිලියන 5ක් හෝ ඊට වැඩි මුදලක් ගෙවන බවද පැමිණිල්ලෙන් කියා සිටී.

ඊට අමතරව On 320 නැමැති මහල් නිවාසයේ හා ෂැංග්‍රිලා නිවාස සංකීර්ණයේ ද අදාළ අයට නිවාස ඇතැයි එහි වැඩිදුරටත් දක්වා ඇත.

ඇමෙරිකාවේ නිව්යෝක් හි මංජුට නිවසක් තිබුණ ද එම නිවසට ද ඔහු ඩොලර් ලක්ෂ 6කට වැඩි මුදලක් ණයවී සිටින බවත්, ඒ අනුව ඔහු ලංකාව තුළ සිදුකරනු ලබන වියදම් වලට ඔහුට විදෙස් රටවලින් මුදල් ලැබෙන මූලාශ්‍ර සම්බන්ධයෙන් සැකයක් ඇතැයි ද ඒවා සොයා බලන්නැයිද අදාළ පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.

Trending

Exit mobile version