පුවත්

මකුලෑවේ නාහිමිගේ ඉන්ධන ක‌ෝටාව ජනපති කාර්යාලය කපලා!

Published

on

රාමඤ්ඤ මහා නිකායේ මහානායක මකුලෑවේ විමල නාහිමිට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබාදී තිබෙන රථයට ලබාදෙන ඉන්ධන දීමනාව කපා හැරීම නිසා ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත සිය නිල රථය මහානායක හිමියන්ට ලබාදී ඇතැයි අනාවරණය වේ.

ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මහානායක හිමියන්ට සුදුසු වාහනයක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී අත්තංගනේ සාසනරතන නාහිමියන් ජනාධිපති ලේකම්වරයාට ලිපියක්ද යවා ඇත.

එම ලිපියේ සඳහන්කර ඇත්තේ මහානායක හිමියන්ගේ නිල කටයුතු සඳහා ස්ථිර වාහනයක් නොමැති බැවින්, පසුගිය කාලයේදී විටින් විට වාහන කීපයක් හුවමාරු වූ බවය.

ජනාධිපති කාර්යාලයෙන් ලබාදී තිබෙන කේ.යූ. 1788 අංක දරන වාහනය සඳහා පසුගිය කාලයේදී ඉන්ධන දීමනාවක් ලබා දුන්නද, මේ වනවිට එය ලබාදීම නතර කර තිබෙන බවද, වාහනයට සුපිරි පෙට්‍රල් පමණක් භාවිත කිරීමට නිර්දේශ කර තිබෙන බැවින් එය නැවත ජනාධිපති ලේකම් කාර්යාලයට බාරදෙන ලෙස මහානායක හිමියන් දැනුම්දී තිබෙන බවද එම ලිපියේ සඳහන් වේ.

මෙම රථය දැනට මාස කීපයක සිට භාවිත නොකරන බවද එම ලිපියේ සඳහන්කර තිබේ.

මහානායක හිමියන්ට දිනපතා දිවයින පුරා විහාරස්ථා‍නවලට වැඩම කිරීමට සිදුවන බැවින් උන්වහන්සේගේ පහසුව සඳහා නිත්‍ය වාහනයක් අවශ්‍ය බවද, මේ නිසා දැනට ලබාදී තිබෙන රථය ලබාගෙන ස්ථිර සුදුසු රථයක් ලබාදෙන ලෙසද මහා ලේඛකාධිකාරී හිමියන් ජනාධිපති ලේකම්වරයාට යවන ලද ලිපියේ වැඩිදුරටත් සඳහන්කර තිබේ.

මූලාශ්‍රය – අරුණ

Trending

Exit mobile version