Connect with us

පුවත්

මගේ ධූර කාලයේ කාටවත් නීතිය හා සාමය කඩන්න දෙන්නෑ

Published

on

තමා ජනාධිපති ධූරයේ සිටින තාක් කල් රටේ නීතිය හා සාමය කඩ කිරීමට නැවත කිසිවෙකුට ඉඩ ලබා නොදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

තමා සිටින්නේ හරි දේ කිරීමට මිස ජනප්‍රිය දේ කිරීමට නොවන බව පැවසූ ජනාධිපතිවරයා ජනප්‍රිය සංකල්ප ඉදිරිපත් කිරීමෙන් සිදු වුයේ රට විනාශ වීම පමණක් බව ද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ සේනාධිනායක ලෙස, අද (01) පස්වරුවේ අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ දී ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ හා සෙසු නිලයන් අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

සාමකාමීව නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට හෝ තමා විවේචනය කිරීමට ඕනෑම පාර්ශ්වයකට අයිතියක් ඇති මූත් වීදිවල කෝළහල කිරීමට කිසිවෙකුට අයිතියක් නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
හරි දේ කිරීමට සියලු දෙනා ඉගෙන ගත යුතු අතර තමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව පළමුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළේ රට වෙනුවෙන් හරි දේ කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ශක්තියක් ඇත්දැයි පරික්ෂා කිරීමට බව ද පැවසීය.

එය උදාහරණයක් කර ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සාර්ථක කර ගැනීමට සියලුදෙනාගේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිවරයා අලුතින් සිතා අලුත් ගමනක් ගියහොත් වසර 25 කට පෙර රට තුළ දැවැන්ත සංවර්ධනයක් උදාකර හැකි බව ද කියා සිටියේය.

ත්‍රස්තවාදී යුද්ධය ජය ගත්තා සේම ශ්‍රී ලංකාවේ ආර්ථික යුද්ධය ජයගෙන ආර්ථික ස්වාධීනත්වයක් ඇති කිරීමට කඩිනමින් පියවර ගන්නා බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  මෙහිදී ප්‍රකාශ කළේ ය.

ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ දායකත්වය නිරන්තරයෙන්ම අවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා  නීතිය හා සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් පසුගිය වසරේදී ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ක්‍රියා කළ ආකාරය ඇගයීමට ලක් කළේය.

ඔවුන් එලෙස තම වගකීම ඉටු නොකළානම් මේ වන විට ශ්‍රී ලංකාව අරාජික රාජ්‍යක් වීමට ඉඩ තිබූ බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

ලෝක බලවතුන් අතර මේ වන විට පවතින තරගය ඉන්දියන් සාගරයට දැඩිව බලපාන බවත් ඉන් ශ්‍රී ලංකාව මුදා ගැනීමට ජනාධිපතිවරයා ලෙස තමන් කටයුතු කරන බවත්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

 අතීතයේ පැවති යුධමය තත්ත්වයන් මෙන් නොව අනාගතයේ දී ඇතිවිය හැකි යුදමය තත්ත්වයන් තාක්ෂණය සහ දැනුම කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය විය හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම අභියෝග ජය ගැනීමට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය නවීන තාක්ෂණයෙන් සහ දැනුමෙන් සන්නද්ධ කළ යුතු බවත්, අපගේ ආරක්ෂක හමුදාවන් ශක්තිමත් කරමින් Defense 2030 වැඩසටහන ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද පැවසීය.

මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කරන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මත්ද්‍රව්‍ය වැරදිකරුවන්ට කිසිඳු සමාවක් ලබා නොදෙන බවත්, ඊට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිය, සාමය සහ අධිකරණ අමාත්‍යවරයාට තමා උපදෙස් ලබාදී ඇති බවත් පැවසීය. එමෙන්ම මේ සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද වැඩිදුරටත් පැවසීය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලූතිනන් ජනරාල් විකුම් ලියනගේ , ගුවන් හමුදා පති වයිස් එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා , පොලිස්පති සී. ඩී වික්‍රමරත්න යන මහත්වරුන් ද, ත්‍රිවිධ හුමදාවේ, පොලිසියේ සෙසු නිලයන් වලට අයත් 1200ක් පමණ මීට එක්ව සිටියහ.

පුවත්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ඉල්ලා අස්වෙයි!

Published

on

By

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාරදී ඇතැයි වාර්තා වේ.

නිශාන්ත අනුරුද්ධ ඉවත්වීමෙන් පසු පුරප්පාඩු වන එම තනතුර සඳහා මහාමාර්ග අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පත් කිරීමට යෝජනා වී ඇතැයි ද පැවසේ.

එම තනතුරට අදාළ කැබිනට් පත්‍රිකාව අද (21) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද මේ අතර වාර්තා වේ.

ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස බිමල් රත්නායක පත්වීමෙන් පසුව මීට පෙර ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන, ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාරණ, ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුණි යන මහත්වරුන් සිය තනතුරුවලින් ඉල්ලා අස්විය. 

නිශාන්ත අනුරුද්ධ ගේ ඉල්ලා අස්වීමත් සමග ප්‍රවාහන අමාත්‍යංශය හා අනුබද්ධ ආයතන හයක් අතුරින් ආයතන හතරක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිය තනතුරුවලින් ඉවත්වීම විශේෂත්වයකි.

නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පාලනය කිරීම මගින් එම දෙපාර්තමේන්තුව වැඩිම ආදායම් උපයා දෙන රාජ්‍ය ආයතන පහ අතරට ගෙන ආ නිලධාරියකු ලෙස ද ප්‍රකටය.

මූලාශ්‍රය – අරුණ

Continue Reading

පුවත්

දින 9කදී ලංගම ආදායම රු. මිලියන 1,300 පන්නයි

Published

on

By

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උදාවත් සමග ගම් බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹ බලා පැමිණීමට විශේෂ බස් රථ තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන මණ්ඩලයේ ගමනාගමන කළමනාකරු එච්. පියතිලක මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන බස් සේවාවක් ක්‍රියාත්මක වන බවය.

විශේෂයෙන් මහනුවර සිරි දළදා වන්දනාව සඳහා සහභාගී වන සැදැවතුන් වෙනුවෙන් ද විශේෂ බස් සේවාවක් ක්‍රියාත්මක කර ඇතැයිද පැවසු ඒ මහතා පැවසුවේ ඒ අනුව මහනුවර – කොළඹ මාර්ගය සඳහා මේ වන විට ලංගම බස් රථ 150කට ආසන්න සංඛ්‍යාවක්ද යොදවා ඇති බවය.

එමෙන්ම පසුගිය 10 වැනිදා සිට ඊයේ (19) දිනය දක්වා වන විට ජාතික ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,300කට ආසන්න ප්‍රමාණයක් උපයා ඇතැයිද එළැඹෙන දින කිහිපයේදී මෙම ආදායම තවදුරටත් ඉහළ යා හැකි බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව CIDයට

Published

on

By

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙන ලදී.

ඒ අනුව ජනාධිපති ලේකම් – නන්දික සනත් කුමානායක මහතා විසින් අදාළ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දීමට පියවර ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved