Connect with us

පුවත්

මගේ මනාප ආයේ ගණින්න

Published

on

ඉකුත් මහමැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කය සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයින් විසින් ලබාගත් මනාප ඡන්ද යළි ගණනය කර අලුතින් ප්‍රතිඵල නිකුත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කරුණු සලකාබැලීම සඳහා සැප්තැම්බර් මස 30 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.

මෙම පෙත්සම අද (06) ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සහ එහි සභාපති ඇතුළු සාමාජිකයින්, කළුතර තේරීම් භාර නිලධාරියා, එම මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින් තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන , නීතිපති ඇතුළු පිරිසක් නම්කර තිබේ.

පෙත්සන්කරු කියා සිටින්නේ ඉකුත් මහමැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ගණනය කිරීමේදී ඇතිවූ අවිධිමත් ක්‍රියා හේතුවෙන් තමන්ට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නොහැකි වූ බවය.

තමා සහ පාර්ලිමේන්තුවට තේරි පත්වූ මන්ත්‍රීවරයා අතර පවතින මනාප ඡන්ද අතර වෙනස ඡන්ද 119ක් පමණක් බවත් ඡන්ද ගණනය කිරීමේදී ඇතිවූ අවිධිමත් ක්‍රියා හේතුවෙන් තත්ත්වය උද්ගත වූ බවත් ඔහු පෙන්වා දෙයි.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉකුත් මහමැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කය සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණින් තරග කළ අපේක්ෂකයින් ලබාගත් මනාප ඡන්ද යළි ගණනය කොට අලුතින් ප්‍රතිඵල නිකුත් කරන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණි.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතීඥ කීර්ති තිලකරත්න සමග ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තෆා මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිට තිබුණි.

පුවත්

දේශබන්දුට මාතරින් නියෝගයක්

Published

on

By

මාතර වැලිගම W15 හෝටලයට ⁣අසල වෙඩි තැබීමේ නඩුවට අදාලව අප්‍රේල් 10වන දා ඇප ලබා පිටව යෑමේදී අධිකරණය දී තිබූ නියෝග කඩකරීම හරහා දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට අපහාස කර ඇති බවට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය අද (25) සඳහන් කළේය.

මුල් අවස්ථාවේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නඩුපැවරීමට මහෙස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බැවින් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පවරන ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව සිව්වන සමාලෝචනයට අදාළව IMF සමඟ නිලධාරී මට්ටමේ එකඟතාවයකට

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් වසර 4ක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ සිව්වැනි සමාලෝචනයට අදාළව ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ නිලධාරී මට්ටමේ එකඟතාවයකට පැමිණ ඇත.

ඒ අනුව මෙම සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට තවත් එක්සත් ජනපද ඩොලර් මිලියන 344ක පමණ මූල්‍යයන පහසුකමක් සඳහා ප්‍රවේශය හිමිවන බව වාර්තා වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ දක්වා ලැබෙන මුදල ඩොලර් මිලියන 1,722 ක් දක්වා ඉහළ යනු ඇත.

Continue Reading

පුවත්

සිරි දළදා වන්දනාව 27 වැනිදායින් අවසන් (වීඩියෝ )

Published

on

By

සැලසුම් කළ පරිදි ‘සිරි දළදා වන්දනාව’ එළැඹෙන අප්‍රේල් 27 වනදා දිනෙන් අවසන් කිරීමට තීරණය කළ බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.

දියවඩන නිලමේවරයා අද (25) පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මේ බව පවසා සිටියේය.

ලොව පුරා බෞද්ධයන්ගේ නොමඳ ගෞරවාදරයට පත්, මෙරට බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන අති පූජනීය ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ පින්සාර අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට පසුගිය 18 වනදා උදාවුණි.

ඒ, 16 වසරකට පසුවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved