Connect with us

පුවත්

මට අවශ්‍ය පෙරළියක්

Published

on

අසීරු අවස්ථාවේදී රට භාරගැනීම ප්‍රතික්ෂේප කළ අය, ඉටු කළ නොහැකි පොරොන්දු ජනතාවට ලබාදෙමින් සිටින බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, කොළඹ පැවැති “පුළුවන් පෙරළිය” වැඩසටහන අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීම සඳහා සංවිධානය කෙරුණු ‘පුළුවන් පෙරළිය’ වැඩසටහන ඊයේ (12) කොළඹදී පැවැත්වුණි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ,

“මේ මැතිවරණය ඔබේ අනාගතය පිළිබඳ කාරණාවක්. මගේ නොවෙයි.”

“අපේ සිස්ටම් එක කඩා වැටිලා… රජය භාරගන්න කවුරුත් හිටියේ නැහැ. මොකක්ද ඒකෙන් තේරුම් යන්නේ ?.. නායකයින්ට ඔබේ අනාගතය ගැන වගකීමක් භාරගන්න පැවැති නොහැකියාව. සජිත් ප්‍රේමදාස මහත්තයා ඔහු ලබාදෙන දේ දිනපතා වෙනස් කරනවා. මෙච්චර කල් ඔහු නිකං දෙන්න පොරොන්දු වුණේ නැත්තේ හිසරදය විතරයි. ළගදීම ඔහු එයත් පිරිනමයි. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය… ඔවුන් දන්නේ නැහැ.”

“කොහොමද ඔබ ඔවුන්ට ඡන්දය දෙන්නේ ?. ඔබලා කීදෙනෙක් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියවලා තියෙනවද ? ඒකේ පිටු 232කම ඔබ කියෙව්වද ? මමත් සම්පූර්ණ රාත්‍රීයක් ගත කළා ඒක කියවන්න. මට පස් වතාවක් නින්ද යන්න ආවා. ඒත් නැවත නැගිට කියෙව්වා. මට අවශ්‍ය නැහැ වෙනසක්. මට අවශ්‍ය ඔබලා මෙහි කිව්වා වගේ පෙරළියක්. මගේ මුහුණ වෙනස් කරලා හිටපු කෘෂිකර්ම අමාත්‍ය අනුර කුමාර දිසානායකගේ මුහුණ ඊට ඇතුළත් කරනවා. එයයි ඔවුන් කියන්නේ.”

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved