Connect with us

පුවත්

මට ගැහුවා – රාමනාදන් අර්චුනා, මම ගැහුවේ නැහැ.මට තර්ජනය කළා – සුජිත්

Published

on

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී සුජිත් කියලා පුද්ගලයෙක් තමාට පහර දුන් බව යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පාර්ලිමේන්තුවේදී පවසා සිටියේය.

“මම 2:30ට විතර විපක්ෂ නායක කාර්යාලයට ගියා. මම ඇහුවා කොහොමද මේ ටයිම් එක අල්ලොcඅටෙ කරන්නේ කියලා. අද දවසේ මට කිසි දෙයක් සන්නිවේදනය කරලා තිබුණේ නැහැ. හෙට මගේ වෙලාව තියෙනවාද ? නැද්ද ? කියලා අහන්න ගියා. එතන නිලධාරීන් හිටියා. ඔවුන් වෙනත් කාමරයකට මාව එක්කන් ගියා. ඒගොල්ලෝ කිව්වා හෙට හවස 4ට වගේ මට දෙන්න පුළුවන් කියලා.මං ඇහුවා ඒ පිළිවෙල ඕගොල්ලෝ කොහොමද හදන්නේ කියලා. එතකොට සුජිත් කියලා පුද්ගලයාටයි තව කෙනෙකුටයි ගිහින් කතා කරන්න කිව්වා. ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ කියලා. එතකොට මං කිව්වා ඒගොල්ලොන්ට තනි තීරණයක් ගන්න බැහැ. පක්ෂ නායකයෙක් විදියට මට ඒකට උත්තර දෙන්න ඕනේ කියලා. එතකොට සුජිත් කියන පුද්ගලයා මට ගැහුවා. මට මෙයාට ගහන්න ඕනේ නැහැ. මෙයා මගේ තාත්තාගේ වයස. ඒ නිසා ගැහුවේ නැහැ.” 

පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරයේදී මන්ත්‍රීවරයා විපක්ෂ නායකවරයාගේ අසුනේ අසුන් ගැනීමේ සිද්ධියක් වාර්තා වූ අතර පසුව එම සිද්ධිය දැන් ආන්දෝලනාත්මක සිද්ධියක් බවට පත්විය.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඉකුත් 25 වනදා පාර්ලිමේන්තුවේ පැවැත්වූ දැනුවත් කිරීමේ වැඩමුළුවේදී අදාළ සිද්ධිය ගැන සමාව අයැද සිටියේය.

මේ අතර තමා කාටවත් පහර දුන්නේ නැති බව සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

සංජය පෙරේරා මහතා මේ බව පැවසූයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා කළ චෝදනාවකට පිළිතුරු දෙමිනි.

එහිදී සුජිත් සංජය පෙරේරා මහතා,

මම එතුමාට පහර දුන්නැයි මෙතුමා බරපතල ප්‍රකාශයක් කරනවා.එහෙම කිසි දෙයක් සිදුවෙලා නෑ.මම ඒක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා.එතුමා මට තර්ජනය කළා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසා සිටියේ,

යාපනයේ ස්වාධීන මන්ත්‍රීවරයා විපක්ෂ නායක කාර්යාලයට ඇවිත් බොහොම අශෝභන ලෙස හැසිරුණා.ඔහු නොගැළපෙන වචන, කුණුහරුප කිව්වා.ඒ ගැන අපි කතානායකතුමාට පැමිණිල්ලක් කරලා තියෙනවා.සමහරු උගත් උනාට බුද්ධිමත් නෑ.මේ ගැලපෙන්නෙ නැති මන්ත්‍රීවරු විපක්ෂයේ වාඩි කරන්න එපා.වෙන තැනක වාඩි කරවන්න.

පුවත්

පෑලියගොඩ නගර සභාවට පැරැදිච්ච අපේක්ෂකයෙක් ගේන්න සජබ ඇතුලේ ගේමක්!

Published

on

By

විපක්ෂයට වැඩි බලය හිමි පෑලියගොඩ නගර සභාවට සමගි ජන බලවේගයේ පැරදුන නගරාධිපති අපේක්ෂකයා ලයිස්තුවෙන් පත් කිරීමට කතාබහක් ඇතිව ඇතැයි වාර්තා වේ.

එම සභාව ජාතික ජනබලවේගය විසින් ජයග්‍රහණය කරනු ලැබුවද එයට හිමිව ඇත්තේ සභික ධූර අටක් වන අතර විපක්ෂයට සභික ධූර 9ක් හිමිව තිබේ.

ඒ අනුව විපක්ෂයට, සමගි ජන බලවේගයට සභිකයන් 4ක්, එක්සත් ජාතික පක්ෂයට සභිකයන් 2ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට, සර්වජන බලය හා පොදුජන එක්සත් පෙරමුණට සභිකයන් එක බැගින් හිමිව තිබේ.

මේ ප්‍රතිඵිලය අනුව කාන්තා නියෝජනය 25% සඳහා සමගි ජන බලවේගය සිය බෝනස් සභික ධූර වලින් 2ක් කාන්තාවන් සඳහා වෙන් කළ යුතුවේ.

මේ තත්ත්වය මත පූර්ව එකඟතාවයකින් පොදුජන එක්සත් පෙරමුණේ සභික ධූරය සඳහා කාන්තාවක් පත්කර, ඉන් කාන්තා 25% සම්පූර්ණ කර සජබ බෝනස් සභිකධූරය සඳහා පැරදුන සභාපති අපේක්ෂකයා පත් කිරීමට සූදානම් වන බව සජබ පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මෙය මූල්‍යමය ගනුදෙනුවක් මත සිදුවන්නක් බවට ද වාර්තා පැතිර තිබේ.

මේ ගනුදෙනුව පිටුපස ද සජබ නායකයාගේ උපදේශක සිටින බව වාර්තා වේ.

Continue Reading

පුවත්

චමුදිත හා කීර්තිට එරෙහිව විජේදාස, වාරණයක් ගනියි!

Published

on

By

විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික්‍රම හා කීර්ති රත්නායක යන මාධ්‍යවේදීන්ට එරෙහිව නුගේගොඩ දිසා විනිසුරු ආර්.ඒ.එම්. රාජපක්ෂ මහතා විසින් ඊයේ (09) නිකුත් කළේය.

ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා විසින් චමුදිත සමරවික්‍රම හා කීර්ති රත්නායක වග උත්තරකරුවන් කරමින් පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණය නිකුත් කළේය.

වග උත්තරකරුවන් දෙදෙනා විසින් සම්මුඛ සාකච්ජාවක් පවත්වා Truth with Chamuditha යූ ටියුබ් නාලිකාව ඔස්සේ මුද හැරීම මගින් සිදු කර ඇති අපහාසය සහ අවමානය හේතුවෙන් සිදුවූ අගතියට රුපියල් මිලියන 1,000ක වන්දි මුදලක්  ඉල්ලා මෙම නඩුව ගොනුකොට ඇත.

චමුදිත සමරවික්‍රම විසින් කීර්ති රත්නායක සමඟ 2025.04.30 වන දින හෝ ඊට ආසන්න දිනක දී සම්මුඛ සාකච්ඡාවක් පවත්වා එය පළමු විත්තිකරුට අයත් ඔහු විසින් පවත්වා ගෙන යන Truth with Chamuditha යූ ටියුබ් නාලිකාවේ විකාශනය කළ බවත්, එම සාකච්ඡාව පැමිණිලිකරුට චෝදනා කිරීමට හා අපහාස කිරීමට යොදාගෙන ඇති බවත්, පැමිණිලිකරු සහ ඔහුගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ යන අය නීති විරෝධී ලෙස දූෂණ සහ අපරාධ සිදු කරන්නන් බව පෙන්වීම සඳහා චේතනාන්විතව සහ දැඩි අපහාසාත්මකව අවලාද කළ බවත් පැමිණිලිකරු ප්‍රකාශ කර ඇත.

විජයදාස රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතීඥ ජයමුදිතා ජයසූරිය මහතමියගේ උපදෙස් මත හරීෂ් රත්නසූරිය, හර්ෂ ලියනගේ, සුරාජ් වල්ගම, දසුන් නාගස්හේන යන නීතීඥ මහත්වරුන් සමඟ ජනාධිපති නීතීඥ ඉක්රාම් මොහමඩ් මහතා පෙනී සිටියේය.

මූලාශ්‍රය – ලංකාදීප

Continue Reading

පුවත්

ජොනී පොහොට්ටුවේ මෙහෙයුම් ප්‍රධානියා කරයි

Published

on

By

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන බලමණ්ඩල රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) ඒ මහතාගේ විජේරාම නිල නිවසේදී පැවැත්විණි.

එහි දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දුව මහතාව පත් කර ඇතැයි වාර්තා වේ.

මෙම රැස්වීම සඳහා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලන මණ්ඩලය සහභාගි වී තිබිණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved