මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 13ක සුදුසුකම් ලැබු පවුල් 27,595න් 192 දෙනෙකු සඳහා ජනාධිපතිවරයා විසින් සංකේතාත්මකව ඔප්පු ලබාදීම සිදුකර තිබේ.
ඒ මිලියන 2ක සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන යටතේ ය.
එම ඔප්පු බෙදාදීමේ උත්සවයෙන් පසුව ජනාධිපතිවරයා, ටීඑම්වීපී නායක සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු පාක්ෂිකයින් ඔවුන්ගේ මූලස්ථානයේදී හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.
මෙම හමුවේදී පිල්ලයොන්, ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාට තම පක්ෂයේ සහය ලබාදෙන බව තහවුරු කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.