Connect with us

පුවත්

මඩකලපුව මනාප ප්‍රතිඵලය

Published

on

මඩකලපුව  දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.

එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ඉලංකෙයි තමිල් අරුසු කච්චියට මන්ත්‍රි ධුර 03ක් හිමිවිය.

ඊට අමතරව ජාතික ජන බලවේගයට එක් මන්ත්‍රී ධුරයක් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට එක් මන්ත්‍රී ධුරයක් හිමිව ඇත.

ඉලංකෙයි තමිල් අරුසු කච්චිය

1. සානක්‍යයන් රාසමාණික්‍යම් – 65,458
2. ඥානමුත්ති ශ්‍රීනේෂන් –  22,773
3. ඉලයතම්බි ශ්‍රීනාත් – 21,202

ජාතික ජන බලවේගය

1.  කන්දසාමි ප්‍රභූ – 14,856

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය

1. එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා – 32,410

පුවත්

මේ අවුරුද්දේ ලුණු කැටයක්වත් නිපදවා නෑ – ලුණු සංස්ථාවේ සභාපති

Published

on

By

දිගින් දිගටම වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය නිසා මේ වසරේදී ලුණු කැටයක්වත් නිෂ්පාදනය කිරීමට නොහැකිවූ බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩී.නන්දනතිලක මහතා කියයි.

හම්බන්තොට පමණක් නොව අලි මංකඩ ඇතුළු ලුණු නිෂ්පාදනය කරන සෑම ස්ථානයකටම මෙම අයහපත් කාලගුණික තත්ත්වය බලපා තිබෙන බවද ඔහු කීවේය.

මෙම තත්ත්වය බරපතළ වූයේ ඉකුත් වසරේදී (2024) බවත්, ලංකා ලුණු සමාගම ඉකුත් වසරේදී මෙට්‍රික් ටොන් 125,000 ක ලුණු තොගයක් නිෂ්පාදනය කිරීමට ඇස්තමේන්තු කළද, නමුත් අයහපත් කාලගුණික තත්ත්වය නිසා නිෂ්පාදනය කිරීමට හැකි වූයේ මෙට්‍රික් ටොන් 40,000ක් පමණක් බවද සභාපතිවරයා පැවසීය.

සාමාන්‍යයෙන් සෑම වසරකම මාර්තු මාසයේදී ලුණු කැඩීම ආරම්භ කළද, අයහපත් කාලගුණික තත්ත්වය ඊට බාධාවක් වූ බවද ඔහු කීවේය.

වෙළෙඳපොළේ කැට ලුණුවල යම් හිඟයක් පැවැතියත් මේස ලුණුවල අඩුවක් නොමැති බවද ඔහු කීවේය.

ලංකා සතොසට ලංකා ලුණු සමාගම විසින් මේස ලුණු ග්‍රෑම් 400 ඇසුරුම් ලක්ෂයක් පෙරේදා (14 වැනිදා) දිනයේත් නිකුත් කිරීමට කටයුතු කළ බවත්, ඊයේ (15 වැනිදා) දිනයේදී තවත් ඇසුරුම් ලක්ෂයක් නිකුත් කිරීමට කටයුතු යොදා තිබූ බවත් සභාපතිවරයා කියා සිටියේය.

මූලාශ්‍රය – අරුණ 

Continue Reading

පුවත්

“පුනරුදයේ රඟ, මාස හයට ලුණු පැකට් එක හාරසීයයි”

Published

on

By

ලුණු පැකට් එකක් රුපියල් හැටක් වීමට වසර 76 ගියත් ලුණු පැකට් එක රුපියල් හාරසිය කිරීමට මේ ආණ්ඩුවට මාස හතෙන් හැකි වී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා කියයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) කොළඹ ජාතික නිදහස් පෙරමුණ කාර්යාලයේදී පැවැත් වූ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මෙම මාධ්‍ය හමුවේදී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා වැඩිදුරටත් මෙසේද අදහස් දැක්වීය.

“ වසර 76ක් ගියා ලුණු පැකට් එකක් රුපියල් හැට වෙන්න. මාස හතකින් හැටේ තිබුණු ලුණු පැකට් එක රුපියල් 350යි 400යි. මේක තමයි පුනරුදයේ රඟ. අර හේවගේ කියනවා තිබුණු ආණ්ඩුව වගකියන්න ඕනලු. උන්දැගෙ නෝනට බබෙක් හම්බෙන්න හිටියත් තිබුණු ආණ්ඩුව වගකියන්න ඕනලු. තිබුණු ආණ්ඩුවට තමයි ඒකෙ බිල දාන්නේ. හොඳ වෙලාවට එහෙම එකක් නැහැ. නැත්නම් කරුමෙට වගකියන්න ඕන තිබිච්ච ආණ්ඩුව. මේක පුදුම විහිළුවක් ආණ්ඩුවේ ගොබිලෝ කියන්නේ තිබුණු ආණ්ඩු මේවට වගකියන්න ඕන කියලා. අර හඳුන්නෙත්ති විවෘත කරපු කර්මාන්තශාලාව කෝ වැහිලද. මේ ආණ්ඩුවට අද වෙලා තියෙන්නේ අද ගුරුපත්වීම ගත්තු මිනිහට ප්‍රින්සිපල්කමක් දුන්නා වගෙ වැඩක්.” 

මේ යෝධයෝ ලුණු පැකට් එකෙනුත් මාටියා ගහනවා

“ හාල්වලින්, ලුණු පැකට්වලින් මාටියා ගහපු ආණ්ඩු දැකලා නැහැ. මේ යෝධයෝ ලුණු පැකට් එකෙන් මාටියා ගහනවා. මේ ආණ්ඩුව අලුතෙන් කිසිම තීරණයක් නොගන්න ආණ්ඩුවක්. හාල් මිල පාලනය කරන්න කියලා සතොස දැම්ම ටෙන්ඩර් හතරම අවලංගුයිනේ. ඒ පුද්ගලික හාල්මෝල් හිමියන්ට ඇති පදමට ගෙන්න ගන්න.  ටෙන්ඩරේ දැම්මෙම අවලංගු වෙන්න. හාල් ලාබේ කොහාටද ගෙවිලා යන්නෙ. කවුද ඒ කොටස ගිලගන්නෙ. කන්ටේනර් තුන්සිය ගානෙන් ගහපු මාටියා ගැහිල්ල අපි කවුරුත් දන්නෙ නැහැ. රතු ලැයිස්තුවේ තිබුණු ඒවා කවුරුත් දන්නෙ නැහැ. මේ මාටියා ගැහිල්ල කලේ ඉංග්‍රීසියෙන්. අනිත් එවුන් කළේ සිංහලෙන්. අනුන්ගේ ඕපදූප හොය හොය ඉන්න ළිඳ සංගමයේ ආණ්ඩුවක් මේක. වෙන වැඩක්නම් මුන්දැලා දන්නෙ නැහැ. නැත්නම් ලුණු පැකට් එකක් හොයාගන්න බැරි මට්ටමට යනවද. ලුණුවලින් තොර ආහාර පරිභෝජන රටාවකට ජන සමාජය අරගෙන ගිහිල්ලා පුනරුදයේ පිහිටෙන් අධික රුධිර පීඩනය තුරන් කිරීමේ සෞඛ්‍ය සම්පන්න අනාගතයක් කරා ශ්‍රී ලංකාව ගමන් කරනවා. සාදු සාදු කියලා තමයි අපිට කියන්න තියෙන්නේ.”

Continue Reading

පුවත්

ලුණු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට අද (15) රැස් වූ කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව ජූනි 10දා දක්වා එම ආනයනයන්ට අදාළ අවසර ලබා දී තිබේ.

එමෙන්ම කර්මාන්ත සඳහා අවශ්‍ය අයඩිනීකරණය නොකරන ලද ලුණු සහ ආහාරයට ගන්නා අයිඩිනීකරණය කරන ලද ලුණු ආනයනය සඳහා මෙහිදී අවස්තාව ලබා දී ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved