විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව විරෝධතාවයේ නිරතවූ විදුලි සේවකයින් පිරිසකගේ සේවය අත්හිටවූ බව විදුලිබල මණ්ඩලය පවසයි.
එම උද්ඝෝෂණයේදී මුදල් කවුළු වසා දමා පාරිභෝගිකයින්ට විදුලි බිල් ගෙවීමට බාධා කිරීම හේතුවෙන් මුදල් භාර ලිපිකරුවන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.
විදුලිබල මණ්ඩලය පුද්ගලිකකරණය කිරීමට සැරසෙන බව පවසමින් පසුගියදා එහි වෘත්තීය සමිති විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබුණි.
ඒ අනුව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ කළමනාකාරීත්වයට පසුව උපදෙස් ලබාදී ඇත්තේ සේවාවලට බාධා කරන හෝ ලංවිම කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩ කරමින් ක්‍රියා කරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසය.