Connect with us

පුවත්

මතට හුරු ලක්ෂ 5යි; ප්‍රතිකාර 1703කට විතරයි

Published

on

මෙරට සිටින විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය භාවිත කරන ලක්ෂ පහකට අධික පිරිසක් අතුරින් 2021 වර්ෂයේදී ප්‍රතිකාර ලබා දී ඇත්තේ 1,703 ක් (එක්දහස් හත්සිය තුන් දෙනකු) පමණක් බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.

මත්ද්‍රව්‍යය භාවිත කරන්නන් පුනරුත්තාපනය කිරීමට ප්‍රමාණවත් තරම් භෞතික සහ මානව පහසුකම් නොමැති වීම එයට හේතුව ලෙස ඔවුන් පෙන්වාදෙයි.

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ දත්තවලට අනුව මේ වන විට මෙරට හෙරොයින් මත්කුඩු භාවිත කරන්නවුන් ලක්ෂයක් පමණද, අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන්නවුන් පනස්දහසක් පමණද ගංජාවලට ඇබ්බැහිවූවන් ලක්ෂ තුනක් පමණද මත්පෙතිවලට ඇබ්බැහිවූවන් ලක්ෂයක් පමණද සිටිති.

එහෙත් මෙරට රාජ්‍ය නොවන සහ රාජ්‍ය ආයතනවල ප්‍රතිකාර පුහුණු ධාරිතාවය වසරකට දසදහසක් පමණක් බවද පසුගිය 2021 වසරේදී ප්‍රතිකාර කර ඇත්තේ එක්දහස් හත්සිය තුන්දෙනකුට පමණි.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved