Connect with us

පුවත්

මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනයට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ලැබුණු විශේෂ වාර්තාව

Published

on

රට තුළ පවතින මද්‍යසාර, දුම්වැටි සහ අනෙකුත් මත්ද්‍රව්‍ය පාලනයට අදාළ වන නිරීක්ෂණ සහ නිර්දේශ ඇතුළත් වාර්තාව 2024.09.04 වන දින එම විශේෂ කාරක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්තී ජයන්ත සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

විශේෂයෙන් මෙම කාර්යය ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ මද්‍යසාර, දුම්වැටි සහ අනෙකුත් මත්ද්‍රව්‍ය පාලනයට අදාළ වන සියලුම රාජ්‍ය ආයතනය මැදිහත් වූ අතර එමෙන්ම මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා කටයුතු කරන ප්‍රජා සංවිධාන සහ සිවිල් සංවිධාන ගණනාවක්ම මේ කාර්යය සඳහා දායක වූ අතර ඇඪෛC ආයතනය ද මෙහි දී ප්‍රමුඛ කාර්යයක් ඉටු කරන ලදී.

මත්ද්‍රව්‍ය පාලනය සඳහා වන සියලුම රාජ්‍ය සංවිධාන සහ රාජ්‍ය නොවන ස්වෙච්චා සංවිධාන එකතුව වසරකුත් මාසයක් තුළ පූර්ණ සැසි 11ක් සහ අර්ධ සැසි 4ක් පාර්ලිමේන්තුව තුළ පවත්වමින් කරුණු සොයා බලා නිරීක්ෂණය කර මෙම විශේෂ වාර්තාව සකස් කර තිබේ.

මෙම වාර්තාව තුළ මද්‍යසාර, දුම්වැටි සහ අනෙකුත් මත්ද්‍රව්‍ය වැළැක්වීම සඳහා සිදු කළ යුතු නීති ප්‍රතිසංස්කරණ, පරිපාලනමය ප්‍රතිසංස්කරණ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, සහ මාධ්‍ය ආචාරධර්ම පිළිබඳවත්, සමාජ මාධ්‍ය පාලනය විය යුතු ආකාරය පිළිබඳවත් නිරීක්ෂණ සහ නිර්දේශ ඇතුළත් කර ඇත.

එමෙන්ම මත්ද්‍රව්‍ය පාලනය සඳහා වන ඉල්ලුම අවම කිරීම සඳහා වන නිර්දේශ, සැපයුම අවම කිරීම සඳහා වන නිර්දේශ, මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සඳහා වූ පුනරුත්තාපන හා ප්‍රතිකාර සිදු කළ යුතු ආකාරය පිළිබඳ නිර්දේශ ඇතුළත් කොට සකස් කර තිබේ.

පුවත්

කුලියාපිටිය නවකවධ සිද්ධියට ඇල්ලූ 4ම රිමාන්ඩ්

Published

on

By

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් නවකවධය හේතුවෙන් වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ජ්‍යේෂ්ඨ සිසුන් තිදෙනා සහ සිසුවිය ලබන 16දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මෙම නියෝගය ලබාදී ඇත්තේ ඔවුන්ව අද (04) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාල සිසුවිය පසුගිය 02දා විද්‍යාලය ආසන්නයේ පිහිටි වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ කර තිබුණු අතර, අසල සිටි පිරිසක් විසින් ඇයව බේරාගෙන කඩිනමින් කුලියාපිටිය රෝහල වෙත ඇතුලත් කර තිබුණි.

පසුව රෝහල් පොලීසිය විසින් අදාළ ශිෂ්‍යාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ, විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුන් කිහිපදෙනෙකු විසින් තමන්ට නවකවධය ලබාදීම හේතුවෙන් මෙලෙස සියදිවි හානිකර ගැනීමට උත්සහ ගත් බවයි.

Continue Reading

පුවත්

මුඛ ආවරණ පැළඳීමේ උපදෙස් ලිපිය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

Published

on

By

කාර්යාල පරිශ්‍ර තුළ මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් උපදෙස් ඇතුළත් ජුනි 02දා බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ගේ අත්සනින් යුතුව ලිපිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පැහැදිලි කිරීමක් සිදුකොට ඇත.

එහි දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් වෙත ලිපියක් යොමු කරමින් අදාල ලිපියේ නිකුත් කර ඇති උපදෙස් යළි සලකා බලා කටයුතු කරන මෙන් ඉල්ලා ඇති බවයි.

කාර්යාල තුළ මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙස පොදුවේ ආයතන වෙත උපදෙස් දීමට අවශ්‍යතාවයක් පැන නොනගින බවද ජාසිංහ මහතා පවසා තිබේ.

මේ වන විට එම උපදෙස් මාලාව ඉවත් කර ඇතැයි වාර්තා වේ. 

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ පැහැදිලි කිරීම මෙසේය :

Continue Reading

පුවත්

RCB ජය සැමරුම අතර තෙරපීමකින් 11ක් මරුට

Published

on

By

මෙවර IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු (RCB) කණ්ඩායමේ ජය සැමරුම සඳහා බෙගලූරුහිදී අද (04) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

මෙම අනතුරෙන් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved