පුවත්

මත්පැන්වලට ඩිස්කවුන්ට් දෙන්න එපා!

Published

on

මධ්‍යසාර නිෂ්පාදන මිලදී ගැනීමේදී වට්ටම් ලබා දීමෙන් වළකින ලෙස දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA)  සියලුම හෝටල්වලට දැනුම් දී තිබේ.

කොළඹ ප්‍රමුඛ පෙළේ තරු පන්තියේ හෝටලයකට ලිපියක් යවමින් එහි සභාපතිවරයා දැනුම් දී ඇත්තේ මත්පැන් නිෂ්පාදන මිලදී ගැනීමේදී වට්ටම් ලබා දෙන මත්පැන් බලපත්‍ර සහිත හෝටල් සම්බන්ධයෙන් දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය වෙත පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවය.

“Happy Hour” වැනි ප්‍රවර්ධන වැඩසටහන් පිළිබඳවද මෙහිදී අවධානයට ලක්ව ඇත.

දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසන්නේ  මත්ද්‍රව්‍ය සඳහා වට්ටම් ලබා දීම 2006 අංක 27 දරන දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ  පනතේ 37(2) වගන්තිය පැහැදිලිව උල්ලංඝණය කිරීමක් බවය.

මෙම වරදට වරදකරුවකු වුවහොත් රුපියල් 50,000ක දඩයක් නියම විය හැකි බවද එම අධිකාරිය පෙන්වා දෙයි

Trending

Exit mobile version