Connect with us

පුවත්

මත්පැන් නිෂ්පාදනය 22%කින් ඉහළට

Published

on

මෙරට මත්පැන් නිෂ්පාදනය මෙම වර්ෂයේ (2025) මුල් භාගයේ දී ඉකුත් වසර දෙකට සාපේක්ෂව (2023,2024) සියයට 22කින් ඉහළගොස් ඇති බව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට ඇති රජයේ මුදල් පිළිබඳ කාරක සභා වාර්තාවේ සඳහන් වේ.

ඉකුත් වසර දෙක තුළ දක්නට නොලැබුණු ප්‍රවණතාවක් පෙන්නුම් කරමින් මත්පැන් නිෂ්පාදනය වැඩි වී ඇති බව ද මෙම වාර්තාවේ සඳහන් වේ.

සුරාබදු හේතුවෙන් රජයේ ආදායම ද 23%කින් වැඩි වී තිබේ. කෙසේ වුවද 2022 වර්ෂයේදී ලීටර් මිලියන 26ක් වූ මෙරට සැර මත්පැන් පරිභෝජනය 2024 වර්ෂයේදී ලීටර් මිලියන 19.31 දක්වා අඩුවී ඇත.

මත්පැන් මිල වැඩිවීම සහ ආර්ථික අර්බුදය මේ සඳහා හේතුවී තිබිණි. සුරාබදු මුදල වැඩි කිරීමත් සමග නීති විරෝධී මත්පැන් පරිභෝජනය තවත් ඉහළ යාහැකි බව ද කාරක සභා වාර්තාවේ සඳහන් වේ.

සෑම වසරක ම නීති විරෝධී ලෙස ස්ප්‍රීතු ලීටර් මිලියන 30-35ක් අතර සංඛ්‍යාවක් පරිභෝජනය කෙරේ.

මේ සඳහා ආරක්ෂාව සහ ගුණාත්මක ප්‍රමිතීන් සහතික කරමින් 85%ක මද්‍යසාර අන්තර්ගතයක් සහිතව නව මද්‍යසාර පාන වර්ගයක් හඳුන්වා දීමට යෝජනාවක් ද ඉදිරිපත්ව ඇත.

සුරාබදු ආදායම පවත්වා ගැනීමට සහ පාරිභෝගික ඉල්ලුම සපුරාලීමට මෙරට වැඩිපුරම පාරිභෝජනය කරණු ලබන මිලිලීටර් 180 පරිමාවෙන් යුත් කාලේ බෝතල් සියයට 25ක මද්‍යසාර අන්තර්ගතයක් සහිතව නිෂ්පාදනය කිරීම ද මෙම සැලසුමට ඇතුළත්ව තිබේ.

– මව්බිම – 

පුවත්

විජයදාස ළග සමාව ඉල්ලපු චමුදිත

Published

on

By

හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් සහ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනප්‍රිය මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා කොන්දේසි විරහිතව අද (04) දින සමාව ඉල්ලා සිටියේය.

චමුදිත සමරවීක්‍රම මහතා විසින් මෙහෙයවන අන්තර්ජාල නාලිකාවක අපහාසාත්මක කරුණු ඉදිරිපත් කිරීමක් සම්බන්දයෙව් විජයදාස රාජපක්ෂ මහතා විසින් ගොනු කරන ලද ලද අයදුම්පතකට මෙම සමාව ඉල්ලා සිටියේය.

ඉදිරියේදීත් නිසි තොරතුරු ගවේෂණයකින් තොරව පුද්ගලයන් සම්බන්ධයෙන් අපහාසාත්මක හෝ නොසැලකිලමත්ව කරුණු ප්‍රසිද්ධ කිරීමෙන් වළකින ලෙසද අධිකරණය ඔහුට අවවාද කරන ලදී.

Continue Reading

පුවත්

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක්

Published

on

By

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ජනාධිපති අරමුදලට රුපියල් මිලියන100ක පරිත්‍යාගයක්  සිදු කර තිබේ.

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දීපක් දාස් මහතා විසින් ඊට අදාළ චෙක්පත ජනාධීපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (04) භාර දෙන ලදී.

මෙම පරිත්‍යාගය, ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් මෙරට අධ්‍යාපන, සෞඛ්‍ය හා සංස්කෘතික ක්ෂේත්‍රවලට ලබා දෙන පරිත්‍යාගවලට අමතරව ලබා දුන් පරිත්‍යාගයක් වීම විශේෂත්වයකි.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

දාස් මහතා ඉකුත් ජුනි 29 සිට ජූලි 02 දක්වා කොළඹ සිටි ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) ප්‍රධාන විධායක නිලධාරීන්ගේ නියෝජිත කණ්ඩායමේ සාමාජිකයෙකු ද විය.

Continue Reading

පුවත්

හිටපු ඇමති එස්. එම් චන්ද්‍රෙස්න රිමාන්ඩ් (UPDATE)

Published

on

By


හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඔහු අද (04) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

එහිදී මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ ඔහු එළැඹෙන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටය.

2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට අදාළව ඔහු අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණි.

එහිදී ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාව අත්අඩංගුවට ගත් අතර එහිදී ඔහු කොළඹ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කෙරිණි.


(පෙර පුවත 2025 ජුලි 04 ප.ව.4.33 )

හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා අධිකරණයට

හිටපු අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ඔහු කොළඹ අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කළ බව සඳහන් වේ.

2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍යවරයා අද පෙරවරුවේ අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනුණි.


(පෙර පුවත 2025 ජුලි 04 පෙ.ව.10.41 )

එස්.එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved