නීතිවිරෝධි අයුරින් නිෂ්පාදනය කරන ලද මත්පැන් බෝතලයක් පානය කළ සිව් දෙනෙකුගෙන් දෙදෙනකු මියයෑමේ පුවතක් පිටිගලින් වාර්තා වේ.
ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ, අනෙක් පුද්ගලයන් දෙදෙනා බරපතළ තත්වයෙන් රෝහල්ගත කර ඇති බවය.
පිටිගල පොලිස් වසමේ මත්තක ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ නිවසේදී මෙම සිදුවීම සිදුව තිබේ.
පුද්ගලයන් 4 දෙනෙකු පෙරේදා (11) රාත්‍රියේ මෙලෙස අදාළ මත්පැන් බෝතලය පානය කර ඇති අතර පසුව ඔවුන්ට ඇතිවූ ආසාත්මිකතා හේතුවෙන් ඇල්පිටිය රෝහලට ඇතුළත් කර තිබුණි.
එහිදී 60 හැවිරිදි පුද්ගලයෙක් සහ 76 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇත.
බරපතළ තත්වයෙන් පසුවන 64 හැවිරිදි පුද්ගලයෙකු කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරුකර ඇති අතර මත්පැන් බෝතලය ගෙනැවින් ඇත්තේ ද ඔහුය.
අනෙක් පුද්ගලයා මේ වනවිට ඇල්පිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ අසාධ්‍ය තත්වයෙන් පසුවන බවද පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.