පුවත්

මත්පැන් හා සිගරට්වල බදු 20%කින් ඉහළට

Published

on

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට සියලුම වර්ගයේ මත්පැන්වල හා දුම්වැටි වල බදු 20%කින් ඉහළ නැංවීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි.

ඒ අනුව රු. 90ක්ව පැවති දුම්වැටියක නව මිල රු. 105ක් වනු ඇති බවට අපේක්ෂා කෙරේ. රු. 85ක්ව පැවති දුම්වැටියක නව මිල රු. 100ක්ද, රු. 70කට පැවති දුම්වැටියක නව මිල රු. 80ක් දක්වා ද, රු. 60කට පැවති දුම්වැටියක නව මිල රු. 70ක් දක්වා ද ඉහළ යනු ඇත.

මේ අතර මිලිමීටර් 60ට නොවැඩි, රු. 15කට පැවති දුම්වැටියක් රු. 24ක් දක්වා මිල ඉහළ නැංවෙනු ඇත.

Trending

Exit mobile version