පුවත්

මත්පෙති 3,500ක් සමග අයෙක් මාට්ටූ

Published

on

පානදුර මාලමුල්ල ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 5 කට ආසන්න වටිනාකමින් යුත් හඳුනානොගත් මත් පෙති තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව හිරණ පොලිසිය පවසයි.

සැකකරු සමඟ මත්පෙති 3500ක් පොලිසිය භාරයට ගෙන ඇත.හෙරොයින්  කුඩුවලට ඇබ්බැහි වූවන් ආදේශකයක් ලෙස පාවිච්චි කරන මත් පෙති වර්ගයක් සැකකරු අලෙවිකරන බවට හිරණ පොලීසියට ලද තොරතුරක් අනුව නිවස වැටලීමේදී සැකකරු මත්පෙති තොගය  නිවස පිටිපස සැඟවීමට උත්සාහ දැරූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙරද මත්ද්‍රව්‍ය චෝදනාවක් ලැබුවෙක් බවත් පොලිසිය කියයි.

වයස අවුරුදු තිස් හයක් වන සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

(අද)

Trending

Exit mobile version