පුවත්

මත් කරල් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

Published

on

මෝදර පොලිස් වසමේ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමක දී මත් කරල් 78,600ක් සොයා ගෙන තිබේ.

ඊයේ (21) සිදුකර ඇති එක් වැටලීමක දී මත් කරල් 4,800ක් සන්තකයෝ තබාගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

පසුව එම සැකකරුගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී තවත් මත් කරල් 73,800ක් සොයා ගෙන තිබේ.

සැකකරු කළුබෝවිල ප්‍රදේශයේ පිහිටි නිවසේ සඟවා තිබිය දී එම මත් කරල් සොයාගෙන ඇත.

අත්අඩංගුවට පත්ව ඇත්තේ, 47 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (22) මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

(අද දෙරණ)

Trending

Exit mobile version