Connect with us

පුවත්

මතුගම තරුණියක් ගෙල කපා ඝාතනය කරලා

Published

on

මතුගම, දොලහේන ප්‍රදේශයේ දී ඊයේ (18) දහවල් තරුණියක ගෙල කපා ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 33ක් වූ මර්වින් සමරනායක මාවත, අඟලවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක බව මතුගම පොලීසිය පවසයි.

මෘත ශරීරයේ කැපුම් තුවාල කිහිපයක් දක්නට ද ලැබී ඇත.

විමර්ශන සිදුකරන පොලීසියට අනාවරණය වී ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

ඒ අනුව සැකකරු හදුනාගෙන ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පලාගොස් ඇත.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මතුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

පුවත්

ජනපති මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් හමුවෙයි

Published

on

By

ආර්ථික ජයග්‍රහණ ලබාගත් පමණින් රටක සංවර්ධනය ළඟා කර ගත නොහැකි බවත්, ඒ හා සමගම සමාජ සංවර්ධනය හා දේශපාලන සංස්කෘතිය යන කුළුණු ත්‍රිත්වයම  එකවර ඉහළට එසවිය යුතුව ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කර සිටියේ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් සමඟ මුදල් අමාත්‍යාංශයේදී අද (04) පැවැති සාකච්ඡාවේදීය.

චීනය, කොරියාව සහ වියට්නාමය වැනි රටවල්  විශාල ආර්ථික පරිවර්තනයක් සිදු කළේ පොදු ජනයා  සමඟ එක්ව යුග කිහිපයක් පුරා නිරත වූ සාමූහික  ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

රටක් සංවර්ධනය කරා ගෙන යාමේ දී තනි පුද්ගලයන් වශයෙන් සියලුදෙනාට අනන්‍ය වූ සමාජ වගකීමක් පැවරී ඇති බවත්,  ඉලක්ක ළඟා කරගත හැකි වන්නේ එය සාමුහික ප්‍රයත්නයක්  බවට පත් කර ගැනීම තුළින් බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

දේශපාලන අධිකාරිය ලෙස තම මතය පමණක් නිලධාරින් මත පැටවීම සිදු නොකරන බව පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  විශේෂඥ දැනුම සහිත නිලධාරින් සහ දේශපාලන අධිකාරිය අතර සිදු කෙරෙන විධිමත් සාකච්ඡාවලින් අවශ්‍ය තීන්දු තීරණ ගන්නා බව සඳහන් කළේය. ඇතැම් අත්තනෝමතික දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් මීට පෙර ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති අසාර්ථක වූ ආකාරයද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.

උපායමාර්ගික වැදගත්කමින් යුත් ක්ෂේත්‍ර රජය යටතේ පවත්වාගෙන යන අතරම, රජයේ මූලික ප්‍රතිපත්ති මත පිහිටා අදාළ ආයතනවල ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා මෙහිදී මහා භාණ්ඩාගාර නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපෑමක් ඇති කළ හැකි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම්  වැඩසටහන, එක්සත් ජනපදයෙන් පනවා ඇති නව තීරුබදු මෙන්ම,  2027 වසරේ ඝ්Sඵ්+ සහන වැඩසටහන පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශයේ නිලධාරින්ගේ අවධානය යොමු කරන ලදී.

කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු,  මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු සහ මහ භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ  නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

පුවත්

අධ්‍යාපන අමාත්‍යංශයෙන් රතු එළියක්

Published

on

By

චක්‍රලේඛනවලට පිටින් පාසල්වලට ළමුන් ඇතුළත් කර ගන්නා සියලු නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසුවේ මේ වනවිට පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා දේශපාලන මැදිහත්වීම සම්පූර්ණයෙන් නතර කර ඇති බවය.

එවැනි තත්ත්වයක් තිබියදී පාසල්වලට ළමුන් ඇතුළත් කිරිමේදි ඇතැම් තැන්වල අක්‍රමිකතා සිදුවන බවට පැමිණිලි ලැබි ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

එවැනි අක්‍රමිකතා ඇත්නම් අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයට පැමිණිලි කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ ය.

Continue Reading

පුවත්

පොසොන් දන්සැල්වල ජලය ගැන විශේෂ අවධානයක්

Published

on

By

පොහොය වෙනුවෙන් පැවැත්වෙන දන්සැල්වල භාවිතා කරන ජලයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය බලධාරීන්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අද (04) ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ, පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රටේ බොහෝ ප්‍රදේශවල ජල ප්‍රභවයන් අපවිත්‍ර වී ඇති බවයි.

“මේ නිසා, දන්සැල්වල ආහාර පිළියෙළ කිරීමට සහ බෙදා හැරීමට භාවිතා කරන ජලය පිරිසිදු බව සහතික කිරීම අත්‍යවශ්‍ය වෙනවා. අපවිත්‍ර ජලය භාවිතයෙන් ජනතාවට සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි බැවින්, දන්සැල් සංවිධායකයන් ජලයේ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමට විශේෂ වගකීමක් ගත යුතුයි,” 

ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ, දන්සැල්වලදී ජලය පිළියෙළ කිරීමට භාවිතා කරන භාජන, ජල ටැංකි සහ බෙදාහැරීමේ උපකරණ පිරිසිදුව තබා ගැනීම අත්‍යවශ්‍ය බවයි.

 “පිරිසිදු නොකළ ජල ටැංකි හෝ භාජන හේතුවෙන් ජලය දූෂණය වීමේ අවදානමක් තිබෙනවා. එම නිසා, දන්සැල් සංවිධායකවරු ජල ප්‍රභවයන් පරීක්ෂා කර, අවශ්‍ය නම් ජලය බේත හෝ පෙරීම (filtering) කිරීම වැනි පියවර ගත යුතුයි,” 

මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය විසින් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, දන්සැල්වල ජලය ලබාදෙනවිට එය ආවරණය කර තැබීම, ජලය බෙදා හැරීමේදී භාවිතා කරන භාජනවල සනීපාරක්ෂාව පවත්වා ගැනීම සහ පිරිසිදු ජලය භාවිතා කිරීමට විශේෂ අවධානය යොමු කරන ලෙසයි.

එසේම, ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ සැකයක් ඇත්නම්, ඒ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් උපදෙස් ලබා ගන්නා ලෙස ද එම සංගමය විසින් දැනුම් දී තිබේ.

පොසොන් පොහොය උත්සවය රටපුරා බැතිබරව සමරන මොහොතක, මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ මෙම ඉල්ලීම ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් කරන ලද බව උපුල් රෝහණ මහතා පැවසීය.

“දන්සැල් යනු බෞද්ධ ගුණාංගයක් පිළිබිඹු කරන උතුම් ක්‍රියාවක්. එහෙත්, එය ආරක්ෂිතව සහ සෞඛ්‍යානුකූලව සිදු කිරීම තුළින් ජනතාවගේ යහපත තහවුරු කළ හැකියි,” 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved