පොසොන් උත්සවය සඳහා අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට අවශ්‍ය සියලු තොරතුරු ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ ලබාගැනීමට අවස්ථාව සලසා දීමට ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් කටයුතු කර තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් නිර්මාණය කරන ලද මෙම ජංගම දුරකථන යෙදවුමට පිවිසීම සඳහා ඔබ කළ යුත්තේ පහත යොමුව (LINK) ක්ලික් කිරීම පමණි.
අදාළ යොමුව (link), – https://posonvandana.lk/
මෙම යෙදවුම ඔස්සේ රථගාල් ඇති ස්ථාන හා එහි ඇති නැවතුම් සංඛ්‍යාව , දන්සල් , ප්‍රථමාධාර , වැසිකිලි ඇති ස්ථාන මෙන්ම ආරක්ෂිතව දිය නෑ හැකි ස්ථාන ගැනද අවශ්‍ය තොරතුරු ද ලබාගැනීමට හැකියාව පවතී.
මේ අතර පොසොන් සමය වෙනුවෙන් අනුරාධපුරය සහ මිහින්තලය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ ඊයේ (08) දින සිට මෙම විශේෂ රථවාහන සැලස්ම ක්‍රියාත්මක වන බවය.
ඒ අනුව අනුරාධපුර පූජා භූමිය සහ මිහින්තලය පූජා භූමිය තුල පහත සඳහන් ස්ථානවල රථගාල් ස්ථාපිත කර ඇති අතර ඒවායෙහි සිය රථවාහන නවතා තැබීම් සිදුකරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක්ද කර තිබේ.
අදාළ සිතියම පහතින් දැක්වේ,