සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර මදුරු මර්දන සහයකයන් 1103 දෙනෙකු සේවයේ යොදවා තිබුණත් මෙම තනතුරු සඳහා පසුගිය වසරේ මාර්තු මාසය දක්වා විධිමත් අනුමැතියක් ලබාගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මෙම සංඛ්‍යාවෙන් කාර්යමණ්ඩල තොරතුරුවලට ඇතුළත් කර තිබුණේ තනතුරු 05 ක් පමණක් බව එම විගණන වාර්තාවෙහි සඳහන්ය.
මෙම සේවකයන් සේවයේ යොදවා තිබුණේ රුපියල් 27000ක පමණ දීමනාවක් යටතේ බවද දැක්වේ.
අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින රෝහල් ආයතන හා අංශවලට අදාළ 2023 ජුනි 30 දිනට අනුමත සමස්ත කාර්ය මණ්ඩලය 95950ක් හා එදිනට තත්‍ය කාර්ය මණ්ඩලය 81904 කි.
ඒ අනුව සමස්ත කාර්ය මණ්ඩලයේ ඌණතාවය 14033ක් ලෙස පැවතුන බව වාර්තාවෙහි සඳහන් කරයි.
මේ තොරතුරු සඳහන් වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාලව ඉදිරිපත් කර ඇති විගණන වාර්තාවේය.