පුවත්

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන්ගේ වැඩ තහනම්

Published

on

අල්ලස් ලබාගැනීමේ චෝදනාවකට අත්අඩංගුවට ගත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස් පතිරගේ මහතාගේ වැඩ තහනම් කර තිබේ.

පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ වහාම ක්‍රියාත්මක වන පරිදි සභාපතිවරයාගේ වැඩ තහනම් කර ඇති බවය.

පරිසර බලපත්‍රයක් ලබාදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු පසුගිය සිකුරාදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔවුන් ඊයේ (11) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

Trending

Exit mobile version