පුවත්

මධුමාධව අරවින්ද අත්අඩංගුවට    

Published

on

කොළඹ පිටත වටරවුම් මාර්ගයේදී බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් ජනප්‍රිය ගායක මධුමාධව අරවින්ද මහතා ඊයේ (16) දහවල් අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය අධිවේගී රථවාහන පොලිසිය පවසයි.

අනතුරින් ඔහු ගමන්ගත් මෝටර් රථයට අලාභ සිදු වී ඇති අතර මෝටර් රථය ගැටීමෙන් රජයේ දේපළ වලටද අලාභයක් සිදුවී ඇතැයි පොලිසිය කියයි.

මධුමාධව අරවින්ද මහතා කඩවත සිට කෙරවලපිටිය දක්වා ගමන් කිරීමේදී කීලෝමිටර් 20.5 ප්‍රදේශයේදී මාර්ගයේ දමා තිබූ වෝටර් බැරියර් දහයකට පමණ අලාභහානි සිදුකරමින් ගමන් කර ඇති බව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අධිවේගී මාර්ග කොට්ඨාස නිලධාරීන් විසින් ඔහු නවත්වා තිබේ.  

එහිදී සිදුකළ විමර්ශනවලදී ඔහු මත්පැන් පානය කර සිටි බවට අනාවරණය වී ඇති බව පොලිසිය ප්‍රකාශ කර ඇත.

අත්අඩංගුවට ගත් මධුමාධව අරවින්ද මහතා අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා කඩවත පොලිසිය වෙත භාරදී ඇත.

අධිවේගී රථ වාහන පොලිස් කොට්ඨාස අධ්‍යක්ෂක පොලිස් අධිකාරි මයුර ද සිල්වා, සහකාර පොලිස් අධිකාරී වසන්ත කෝරළගේ, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරුද්ධ චන්දසේකර, අතුරුගිරිය රථවාහන පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.  එන්. සුදුබණ්ඩා සහ පොලිස් පරීක්ෂක කමල් යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.  

(මූලාශ්‍රය : අද)

Trending

Exit mobile version