මදූෂ් පිළිබඳව විමර්ශන සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාසයේ හා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ද ඝාතනය කරන බවට කංජිපානි ඉම්රාන් පවසා ඇතිබවට වාර්තා ඇතැයි “අද දෙරණ” වාර්තා කර තිබේ.
ඒ අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත පොලිස් මූලස්ථානය ඒ පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බවද එහි දැක්වේ.
මේ අතර, මාකඳුරේ මදූෂ් අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ වෙත ඔත්තුව ලබාදුන් පළමු පුද්ගලයා ලෙස ක්ලබ් වසන්තව ඝාතනය කළ බවට කංජිපානි ඉම්රාන් පවසා ඇතැයි ද වාර්තා වේ.