පුවත්

මන්ත්‍රිගේ වාහනේ ගැටුණු කාන්තාවක් මරුට

Published

on



සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජෙන්ද්‍ර් කුමාර් පොන්නම්බලම් මහතා ගමන් කළ ජීප් රථයේ ගැටී කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසයි.

මෙලෙස රිය අනතුරට ලක්ව මියගොස් ඇත්තේ පුත්තලම, බෝලවත්ත හන්දිය ප්‍රදේශයේ පදික මාරුවේ ගමන් කරමින් සිටි යාචක කාන්තාවකි.

එම කාන්තාව අවුරුදු 65ත් 70ත් අතර පසුවන යාචක කාන්තාවක බවයි පොලිසිය පවසයි.

මන්ත්‍රීවරයා  ඊයේ (08) කොළඹ ප්‍රදේශයට පැමිණ නැවත යාපනය බලා ජීප් රථයේ ගමන් කරමින් සිටියදී පුත්තලම කොළඹ මාර්ගයේ බෝලවත්ත හන්දිය ප්‍රදේශයේදී මෙම කාන්තාව හැපී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී ගජේන්ද්‍ර පොන්නම්බලම් මහතාද ජීප් රථයේ ගමන් කරමින් සිට තිබේ.

එම අනතුර සම්බන්ධයෙන් ගජේන්ද්‍ර  පොන්නම්බලම් මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ හුන්නස්ගිරිය ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පුද්ගලයෙකු  වෙන්නප්පුව පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කලේය.

Trending

Exit mobile version