පුවත්

මන්ත්‍රීලාගේ ඩියුටි ෆ්‍රී වාහන ‍තොප්පිය යාපා, ජනපතිට පාස් කරයි!

Published

on

තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදෙන ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කර තිබෙන ඉල්ලීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යොමු කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇතැයි වාර්තා ‍ වේ.

පාර්ලිමේන්තුවේ පැවති ඉහළ පෙළේ සාකච්ඡාවක දී කථානායකවරයා මේ බව මන්ත්‍රිවරුන්ට දැනුම් දී ඇත්තේ තමන්ට ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකියාවක් නොමැති බව ද පවසමිනි.

වාහන බලපත්‍ර ඉල්ලා පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු එකසියදහසය දෙනෙක් අත්සන් කර කථානායකවරයාට ලිපියක් භාර දී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් පසුගිය සතියේ පැවති පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ දී ද සාකච්ඡා කර තිබේ.

කෙසේ වුව ද එම කාරක සභාවට එක්ව සිට ඇති විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විරෝධය පළ කර ඇති බවද පැවසේ.

ඉහත සාකච්ඡාවට යළිත් එම යෝජනාව ඇතුළත් කර ඇත්තේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ තීරණයකට අනුව ය. 

එම සාකච්ඡාව එක්ව සිට ඇති ඇතැම් මන්ත්‍රිවරු වාහන බලපත්‍රයක අවශ්‍යතාව කථානායකවරයට දැඩිව අවධාරණය කර තිබේ.

සබැඳි පුවත්
මන්ත්‍රී සැප වාහන බලපත්‍ර නතර වෙයිද?

Trending

Exit mobile version