පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයීය ක්‍රීඩා සමාජය මගින් සංවිධානය කරනු ලබන පාර්ලිමේන්තු අන්තර් දෙපාර්තමේන්තු ක්‍රිකට් තරඟාවලිය සණස රක්ෂණ සමාගමේ පූර්ණ අනුග්‍රහය යටතේ 2024 මාර්තු 29දා ප.ව 8.00ට පැලවත්ත ජී.එච්. බුද්ධදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් මෙම ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙනු ඇත.
පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් නියෝජනය කරන කණ්ඩායම් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත කණ්ඩායමක්ද මෙම ක්‍රිකට් තරඟාවලි සඳහා සහභාගී වීමට නියමිතය.