පුවත්

මන්ත්‍රීවරුන් 79 කට විශ්‍රාම වැටුප් අහිමි වෙයි

Published

on


පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ මන්ත්‍රීවරුන් 79 දෙනෙකුට විශ්‍රාම වැටුප් අහිමිවන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

මෙසේ විශ්‍රාම වැටුප් අහිමි වීමට නියමිතව ඇත්තේ ඉකුත් 2020 වසරේ දී පැවති මහ මැතිවරණයේදී ප්‍රථම වතාවට තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකටය.

ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව පාර්ලිමේන්තුව පෙරේදා විසුරුවා හැරීම නිසා 2020 මහ මැතිවරණයෙන් තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන්ගේ ධුර කාලය වසර 05 ක් ඉක්මවා නොගොස් ඇති නිසා ඔවුන්ට මෙලෙස විශ්‍රාම වැටුප් අහිමි වී ඇති බව සඳහන්ය.

Trending

Exit mobile version