Connect with us

පුවත්

මන්ත්‍රී නැතිව සැප ගන්න ගිහින් බංගලාවෙන් එලවයි

Published

on

නුවරඑළිය මන්ත්‍රී නිවාඩු නිකේතනය නොහොත් සෙන්පති නිවසේ (General’s House) පසුගිය සතියේ දිනෙක නවාතැන් ගැනීමට ගිය මන්ත්‍රීවරයකුගේ හිතවතුන් පිරිසක්, එහි පාලකයන් විසින් ආපසු හරවා එවා ඇතැයි වාර්තා වේ.

කිසියම් මන්ත්‍රීවරයකුට හෝ මන්ත්‍රීවරයකු සමග පැමිණෙන පවුලේ ඥාතීන්ට පමණක් එම නිවාඩු නිකේතනයේ ලැගුම් ගත හැකි වන අතර, මෙම පිරිස එහි පැමිණ ඇත්තේ මන්ත්‍රීවරයකු සමග නොවන බැවින් ඔවුන්ව හරවා යැවීමට එහි පාලකයන් කටයුතු කර ඇතැයි පැවසේ.

මෙම මන්ත්‍රී බංගලාව වෙන් කර ගන්නේ නම් අදාල මන්ත්‍රීවරයා අනිවාර්යයෙන්ම එහි සිටිය යුතු බවට නීතියක් පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් මෑතකදී පනවනු ලැබීය.

මෙම මන්ත්‍රී බංගලාව වෙන්කළ ඇතැම් මන්ත්‍රී හිතවතුන්, එහි ලැගුම්ගෙන සිටි සෙසු මන්ත්‍රීවරුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට හිරිහැර වන ආකාරයට හා නිදහසට බාධාවන අන්දමින් හැසිරී ඇති බවට මන්ත්‍රීවරුන් පිරිසකගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට මෙම තීරණය ගෙන ඇත.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් පිට පළාත්වල ඇති එකම නවාතැන් බංගලාව මෙය වන අතර, මන්ත්‍රීවරයකු වෙනුවෙන් මෙහි එක් කාමරයක් සඳහා දිනකට අය කෙරෙන ගාස්තුව රුපියල් දහසකි.

මේ ගැටළුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදීද පසුගියදා දීර්ඝව සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved