පුවත්

මන්ත්‍රී බංගලාවලින් ඉවත් නොවූ අයට රතු එළියක්

Published

on



මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් අදට (21) පෙර ඉවත් නොවුවහොත් කිසිදු දැනුම් දීමකින් තොරව නිවාස වල විදුලිය සහ ජලය සැපයුම විසන්ධි කරන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය එම නිවා වල තවදුරටත් රැඳී සිටින මන්ත්‍රීවරුන් 35 දෙනාට ලිඛිතව දැනුම්දී තිබේ.

නව වැනි පාර්ලිමේන්තුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාසවල තවදුරටත් රැඳී සිටීමට අවසර ලබාදී තිබුණේ මහ මැතිවරණය පැවැත්වුණු පසුගිය 14 වැනිදා තෙක් පමණි.

ඒ අනුව,  ඊයේ (20) දිනය වන විට  මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් මන්ත්‍රීවරුන් අසූ දෙනෙකු පමණ ඉවත්ව ගොස් තිබුණි.

පාර්ලිමේන්තු නිලධාරීන් පවසන්නේ පසුගිය මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ හිටපු මන්ත්‍රීවරුන්ට පමණක් එම නිවාස සංකීර්ණයේ තවදුරටත් රැඳී සිටීමට හැකියාව ඇති බවය.  

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන වරප්‍රසාදයක් ලෙස මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිවාස ඔවුන්ට රුපියල් 2000ක පමණ කුලියකට ලබා දෙන අතර පරිදි පළමුවෙන්ම ඉල්ලීම ඉදිරිපත් වන අනුපිළිවෙල අනුව මෙම නිවාස ලබා දීම සිදු කෙරේ.

Trending

Exit mobile version