පුවත්

“මන්ත්‍රී බංගලාවල වැසිකිළි උතුරනවා”  කතානායකට පැමිණිල්ලක්

Published

on

මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයේ පහසුකම් ප්‍රමාණවත් නොවන හෙයින් තමන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව මන්ත්‍රීවරුන් පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පසුගියදා පැමිණිලි කර තිබේ.

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස බොහොමයක් ජරාවාස වී ඇති බවත් වර්ෂා කාලයේදී සමහර නිවාසවලට ජලය පවා කාන්දුවන බවත් එම මන්ත්‍රීවරුන් පෙන්වාදී තිබේ.

වර්ෂා කාලයේදී සමහර වැසිකිළි උතුරන බව ද ඔවුන් ප්‍රකාශ කර ඇත.

මන්ත්‍රී නිල නිවාසවල මන්ත්‍රීවරයකුට පවුලේ සාමාජිකයන් සමග ජීවත්වීමට ප්‍රමාණවත් ඉඩකඩක් නැති හෙයින් එම නිවාස නවීකරණය කර දෙන ලෙසට ද ඔවුහු ඉල්ලා සිටිති.

Trending

Exit mobile version