පුවත්

මන්ත්‍රී බිරියට පිහියෙන් ඇනලා

Published

on

බේරුවල ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන සමිත කවිරත්න මහතාගේ බිරිඳ පිහි ඇනුමකට ලක්වී රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.

බේරුවල හෙට්ට්මුල්ල ප්‍රදේශයේ ඇය විසින් පවත්වාගෙන යන අලෙවිසැලක් තුළදී එම සිදුවීම සිදුවී ඇත.

සිද්ධියට සම්බන්ධ සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පහරදීමට යොදාගත් අඟල් 05ක් පමණ දිගැති පිහිය ද සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල හෙට්ට්මුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

පහරකැමට ලක්වූ කාන්තාව කළුතර ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

සිද්ධියට හේතුව පෞද්ගලික ආරවුලක් බව බේරුවල පොලීසිය සැක කරයි.

Trending

Exit mobile version