Connect with us

පුවත්

මන්දපෝෂණ අවදානමක්

Published

on

ආහාර උද්ධමනය ඉහළ යෑම නිසා ලංකාවේ ජනතාව ඉදිරියේ දී මන්දපෝෂණ අර්බුදයකට මුහුණ දියහැකි අවදානමක් රට හමුවේ ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඒ කොළඹදී ඊයේ (26) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

යහපත් ආර්ථිකයක් ගොඩනැඟීම සම්බන්ධ වන කටයුතු මූලික අවධියේ පවතින බැවින් ඉදිරි කාලයේදී ආර්ථික උද්ධමනය ඉහළ යෑම සහ ආහාර අනාරක්ෂිතතාව සමාජය තුළ පැතිර යෑමක් සිදුවුවහොත් යළිත් ග්‍රාමීය, අර්ධ නාගරික, වතු ජනපද ආශ්‍රිතව පෝෂණ අර්බුදයක් නිර්මාණය වීමට ඇති හැකියාව ඉහළ බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා මෙහිදී පවසා සිටියේය.

තවමත් ජන ජීවිතය ස්ථාවර තත්ත්වයට පත් නොවී තිබීමත් ගොවීන්, ධීවර ජනතාව, කම්කරු ජනතාව, වතු ආශ්‍රිත ජනතාවද කොළඹ, ගම්පහ, කළුතර, හම්බන්තොට, මාතර, අනුරාධපුර, මොනරාගල, පොළොන්නරුව සහ උතුරු,නැගෙනහිර කලාපවල ජන ජීවිතය පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කරන ආහාරවල මිල ඉහළ අගයක පවතින හෙයින් එම ජනතාව ස්ථාවර ආදායම් මාර්ග වෙතට යොමු නොවීම නිසා දෛනිකව පවුලක ආහාර වේලක් සඳහා අධික මුදලක් වැය කිරීමට සිදුව තිබෙන බව ඔහු පෙන්වා දුන්නේය.

ආහාර සඳහා වියදම් කළ යුතු මුදල ඉහළ යෑමත් ලැබෙන ආදායම් මාර්ග අඩුවීමක්ද ඉදිරියේ ඇතිවන වියළි කාලගුණ තත්ත්වයක් මෙම කලාප තුළ පැවැතුණහොත් ලබාගත හැකි අස්වැන්න අඩුවීමත් දිගටම පැවැතුණහොත් නැවත වතාවක් කුඩා දරුවන් සහ ගර්භණී මවුවරුන්ද වැඩිහිටියන් අතරද පෝෂණ අර්බුද නිර්මාණය විය හැකි බව ද චමල් සංජීව මහතා පවසයි.

ඔහු තවදුරරටත් පවසා සිටියේ , කුඩා දරුවන් සහ ගර්භණී මවුවරුන් ඉලක්ක කොට සාර්ථක පෝෂණ වැඩසටහන් ක්‍රියාත්මක විය යුතු නමුත් මීට පෙර රජයද අය-වැය මඟින් සැලකිය යුතු මුදලක් මේ සඳහා වෙන් කළ ද ඒවා ප්‍රායෝගික වශයෙන් ජනතාවට නොලැබුණු බවත් ය.

පුවත්

දක්ෂිණ අධිවේගයේ Rest Area එක අවුරුදු 99කට බදු දීලා තියෙන්නේ රුපියල් 10,000 කට

Published

on

By

දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී රුපියල් බිලියන ගණනාවක මුදල් නාස්ති කර ඇතිබව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (20) පාර්ලිමේන්තුවේදි පැවසීය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මුල් ආකෘතියේ නැති අන්තර් හුවමාරු දෙකක් කපුදූවේ සහ බැදිගම යන ප්‍රදේශවල ඉදිකර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.

මෙවැනි එක් අන්තර් හුවමාරුවක් ඉදිකිරීමට කෝටි 100ක් වැනි මුදලක් වැයවන බවද අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී.

“මේ අන්තර් හුවමාරු තමන්ගේ ගෙවල්වලට යන්න හදාගෙන තිබෙනවා ….දක්ෂිණ අධිවේගී මාර්ගයේ තිබෙන්නේ එකම එක Rest Area එකයි. එම Rest Area එක අවුරුදු 99කට, රුපියල් 10,000කට බදු අරන් තිබෙන්නේ.”

Continue Reading

පුවත්

RMV නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු සැකකරුවන්  තිදෙනා තවදුරටත් රිමාන්ඩ්

Published

on

By

අල්ලස් ලෙස ලබාගත් රුපියල් ලක්ෂ 40 කට ආසන්න මුදලක් සන්තකයේ තබාගත් බවට සැකපිට අත්අඩංගුවට රක්ෂිත බන්ධනාගර කර සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු සැකකරුවන් තුන්දෙනා ජුලි මස 7 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගර කර තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අද (20) මෙම නියෝගය නිකුත් කළාය.

බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණෙන මහජනතාවගෙන් අල්ලස් වශයෙන් ලබා ගත් මුදල් මෙම සැකකරුවන් සන්තකයේ තිබූ බවට අල්ලස් කොමිසම විසින් අධිකරණය හමුවේ පවසා සිටින ලදී.

Continue Reading

පුවත්

කෙහෙළියගේ දියණියට ඇප

Published

on

By

රක්ෂිත බන්ධනාගාර ගතකළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියක වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව අද (20) බන්ධනාගාර භාරයෙන් මුදාහරිනු ලැබීය.

මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියන් දෙදෙනෙකු හා හා බෑනා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

ඉන් අනතුරුව එක් එක් සැකකරු රුපියල් 50, 000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් බැගින් මුදාහැරීමට අධිකරණය නියම කළේය.

කෙසේ වෙතත් එහිදී චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ලට ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් ඇයව අද දිනය දක්වා බන්ධනාගාර භාරයේ සිටියාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved