Connect with us

පුවත්

මන්නාරමට විශේෂ ආරක්ෂාවක්

Published

on

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත හා නයන වාසුල එදිරිසූරිය ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ධීවර බෝට්ටුවක ආධාරයෙන් මන්නාරමෙන් ඉන්දියාවට පලා යෑමේ සැලසුමක් ඇති බවට තොරතුරු හෙළි වී තිබේ.

ඒ හේතුවෙන් ආරක්ෂක අංශ මන්නාරමේ ස්ථාන කීපයකම විශේෂ මුර කපොලු කීපයක් ස්ථාපිත කර තිබෙන බවට වාර්තා වේ.

මෙම සැකකරුවන් රටින් පලායාම වැළක්වීම පිණිස ගුවන් තොටුපල ඇතුළු ස්ථාන දැනුවත් කොට ඇතත් මන්නාරම හරහා ඔවුන්ට රටින් පැනීමට ඇති ඉඩකඩ වැඩි නිසා කොළඹින් ලැබුණු නියෝගයක් මත විශේෂ සෝදිසි කිරීමේ මුර කපොලු හා මාර්ග බාධක කීපයක්ම අලුතින් පිහිටුවා තිබෙන බව සඳහන්ය.

ඊට අමතරව මන්නාරමෙන් මුහුදු යන ධීවර බෝට්ටු වල ධීවර හැදුනුම්පත් නොමැතිව ගමන් කරන පිරිස් පිළිබදව නාවික හමුදාව හා වෙරළාරක්ෂක නිලධාරීන්ද ධීවර පරීක්ෂක නිලධාරීන්ද දැඩි සෝදීදිසියකින් සිටින බවද වැඩිදුරටත් සඳහන් වේ.

සබැඳි පුවත්:

ක්ලබ් වසන්ත ඝාත­නයේ සැකකරුවන් 22 දක්වා රිමාන්ඩ්

ක්ලබ් වසන්ත ඝාතන සැකකරුවන් අතර සීසර් කෙනෙක්!

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් අද අධිකරණයට

ක්ලබ් වසන්තගේ බිරිය හෝමාගමින් කළුබෝවිල රෝහලට මාරු කරයි!

වසන්තගේ ඝාතනයට KPI සම්බන්ධ බවට පොලිසියට සැකයක්!

ක්ලබ් වසන්ත ඝාතනයට පැමිණි වාහනය සොයා ගනී

පුවත්

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් වැඩසටහන අඛණ්ඩව

Published

on

By

ලෝක ආහාර වැඩසටහනෙහි ආධාර මත ක්‍රියාත්මක මෙරට පාසල් සිසුන්ගේ රක්තහීනතාව අඩු කිරීම ඉලක්ක කරගත් පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන, මේ වන විටත් ක්‍රියාත්මක ආකාරයෙන්ම අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් රජය විසින් ගෙන ඇතැයි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපති ලේකම්වරයා මෙම අදහස් පළ කළේ, මෙම වැඩසටහනට සම්බන්ධ සියලුම අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන සහ ලෝක ආහාර වැඩසටහන, බිල් සහ මිලින්ඩා ගේට් පදනම හා පාත් පයින්ඩර් ආයතන නියෝජිතයන් ඇතුළු සියලුම පාර්ශවකරුවන් සමඟ ඊයේ (23) දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේ දී ය.

හඳුනාගත් අඩු පෝෂණ මට්ටමේ දරුවන් සිටින දිස්ත්‍රික්කවල ප්‍රාථමික අංශයේ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන පාසල් දිවා ආහාරය ලබා දීමේ රජයේ වැඩසටහනට සමගාමීව, පාසල් දරුවන් අතර යකඩ ඌණතාවය අවම කිරීම ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, පළාත් සභා, ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, ලෝක ආහාර වැඩසටහන සඳහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලය ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. පාසල් දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන සඳහා රජය විසින් මේ වසරේ වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් බිලියන 32 කි.

තෝරාගත් දිස්ත්‍රික්ක 04ක නියමු වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර එහි ප්‍රතිඵල සම්බන්ධයෙන් සෞඛ්‍ය හා පෝෂණ අංශ විසින් කෙරෙන විධිමත් අධ්‍යයනයකින් පසු දීප ව්‍යාප්තව මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළින් පාසල් දරුවන්ගේ යකඩ ඌණතා ගැටලුව අවම වී ඇද්ද යන්න සොයා බැලීම අධ්‍යයනයේ අරමුණයි.  

විශේෂයෙන් පාසල් දරුවන්ගේ රක්තහීනතාව තුරන් කිරීම සඳහා යකඩ සහ ෆෝලික් අම්ලය එකතු කර සකස් කරන සබලකෘත සහල් ( Fortified Rice ) පාසල් දරුවන්ගේ දිවා ආහාරයට එකතු කිරීම මේ යටතේ සිදු කෙරේ.

මේ වැඩසටහන සඳහා ලෝක ආහාර වැඩසටහන, බිල් සහ මිලින්ඩා පදනම, ගේට්වේ පදනම හා ෆාත්ෆයින්ඩර්  පදනම තවදුරටත් සහය ලබා දීමට ද එකඟ විය.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරු සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් මලර්මදී ගංගාධරන් මහත්මිය ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීන් හා නියෝජිතායතනවල නියෝජිතයෝ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

පුවත්

අද ආරම්භ වෙන තැපැල් ඡන්දය

Published

on

By

පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (24) ආරම්භ වේ.

අද තැපැල් ඡන්දය සලකුණු කළ නොහැකි වන පුද්ගලයින්ට 25, 28 සහ 29 දිනවලදී ඒ සඳහා අවස්ථාව පවතී.

සිරි දළදා වන්දනාව සඳහා විශේෂ රාජකාරීවල යෙදීසිටින පොලිස් නිලධාරීන් වෙනුවෙන්  විශේෂ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් මහනුවර පිහිටුවා තිබේ.

ඒ අනුව මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ එම පහසුකම් සලසා ඇතැයි, මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.

ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට ද , ඔවුන්ට අයත් හමුදා කඳවුරුවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට පහසුකම් සලසා ඇත.

පළාත් පාලන ඡන්ද විමසීම මැයි 6 පැවැත්වීමට නියමිතය.

Continue Reading

පුවත්

සිරි දළදා වන්දනාව වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය අත්හිටුවයි

Published

on

By

සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ක්‍රියාත්මක කර තිබූ විශේෂ දුම්රිය අද (24) සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇත.

පොලීසියේ ඉල්ලීම පරිදි මෙම තීරණය ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරී පැවසීය.

මේ වන විටත් අධික ජනතාවක් එක් රැස්වී සිටිනන නිසා අද සහ හෙට දිනයන්හි දළදා වන්දනාව සඳහා නොපැමිණෙන ලෙස ජනතාවගෙන් පොලිසිය ඉල්ලා සිටි.

එම හේතුව පදනම් කරගෙන ශ්‍රී ලංකා පොලිසිය මෙම තීරණය ගෙන ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved