Connect with us

පුවත්

මන්නා රමේෂ්ට ‌රතු වරෙන්තු

Published

on

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටිමින් මෙරට දරුණු ගණයේ අපරාධ මෙහෙයවන බව කියන මන්නා රමේෂ් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙත්තු ලබාගැනීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

මන්නා රමේෂ් මේ වනවිට සිදුකර ඇති මිනිස් ඝාතන, කප්පම්ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ ගණනාවකට අදාළ සියලු තොරතුරු සහ සාක්‍ෂි පොලීසිය විසින් ලබාගෙන ඇති අතර ඒ සියල්ල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හරහා ජාත්‍යන්තර පොලීසිය වෙත යැවීමට කටයුතු කරමින් ඇති බවද වාර්තා වේ.

ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අවශ්‍ය සියලු කටයුතු පොලීසිය විසින් මේ වනවිටත් ක්‍රියාත්මක කර ඇත.

මන්නා රමේෂ් නමැති පාතාල නායකයා අවිස්සාවේල්ල ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරීන්ට මරණීය තර්ජන එල්ලකරමින් මිනීමැරුම්, කප්පම්ගැනීම්, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු දරුණු ගණයේ අපරාධවල නිරතවෙමින් සිටින බවද පැවසේ.

අවිස්සාවේල්ල තල්දුව නගරයේදී ත්‍රිරෝද රථයක යමින් සිටි තරුණයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර තවත් දෙදෙනකුට බරපතළ තුවාල සිදු කිරීම මන්නා රමේෂ්ගේ නියෝග මත සිදු කර තිබූ බව මේ වනවිට අනාවරණය වී ඇති බවද වාර්තා වේ.

මේ අතර අවිස්සාවේල්ල රත්නපුර ඇතුළු ප්‍රදේශ ගණනාවක ධනවත් මැණික් ව්‍යාපාරිකයන්ට මරණීය තර්ජන එල්ලකරමින් රුපියල් ලක්ෂ ගණනින් කප්පම් මුදල් ලබාගැනීම මන්නා රමේෂ් විසින් ජයටම කරගෙන ගොස් ඇති බවට පොලීසිය වෙත තොරතුරු ලැබී තිබේ.

මන්නා රමේෂ්ගේ කල්ලියේ ප්‍රධානම ගෝලයාවූ තල්දුවේ මහේෂ් නමැත්තා පොලිස් වෙඩිපහරින් මියයෑමෙන් පසු ඔහු එම මෙහෙයුමට සම්බන්ධවූ පොලිස් නිලධාරීන් සියලු දෙනාට මරණ තර්ජන එල්ලකර ඇති අතර අවිස්සාවේල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගෙන ඔහු සහ පුත්‍රයා මරාදමන බවට තර්ජනය කර තිබූ බවද වාර්තා විය.

පොලිස් වෙඩි පහරින් මන්නා රමේෂ්ගේ සමීපතමයා වන තල්දුවේ මහේෂ් මරුමුවට පත්වීමෙන් පසු ඔහුගේ මෘතදේහය පිළිබඳ අවසන් කටයුතු පෙරේදා (18) සිදු කෙරිණි.

ඒ අවස්ථාවේ තල්දුව, අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශ ගණනාවක ජනතාව මහේෂ්ගේ මරණයෙන් පසු තමන්ට නිදහස ලැබුණු බව කියමින් රතිඤ්ඤා පත්තු කර ඇති බවද පැවසේ.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved