Connect with us

පුවත්

මනූෂගෙන් දොස් මුරයක්

Published

on

විදේශගත ශ්‍රමිකයන් සදහා සුබසාධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් රාජ්‍ය නිලධාරීන් ඊට සහය නොදැක්වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ ආණ්ඩුව විදේශගත ශ්‍රමිකයන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් විවිධ තීන්දු තීරණ ගෙන තිබුණ ද මෙතෙක් ඒවා ක්‍රියාත්මක නොවන බවය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකට එක්වෙමින් මනූෂ නානායක්කාර අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“විදේශගත ශ්‍රමිකයන්ට විවිධ යෝජනා ක්‍රියාත්මක කරද්දි අපිට හම්බවුණේ, ඒවට සහයෝගයක් නෙමෙයි. ඒවට හම්බවුණේ බාධා කිරීම් තමයි. අපි සමහර නිලධාරීන් එක්ක රණ්ඩු කර කර, විදේශගත ශ්‍රමිකයන්ට සහන සලසන්න කටයුතු කළා. ඒ අයට නිවාස ණය ලබාදෙන්න අවශ්‍ය අයට අපි කටයුතු සුදානම් කරලා තියෙනවා. බැංකුවලට අපි යෝජනා කරලා, බැංකු එක්ක සාකච්ඡා කරලා මහ බැංකුව එක්ක කතා කරලා, කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අරගෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බිලියන 5ක් අඩු පොළියට ලබාදෙන්න අපි ලෑස්ති කරලා තිබුණට භාණ්ඩාගාරයටයි, මහ බැංකුවටයි, බැංකු ටිකටයි තාම බැරිවුණා අපේ ශ්‍රමිකයන්ට අඩුපොළියට ණය ටික දෙන්න. එතකොට විදේශගත ශ්‍රමිකයෝ එවපු සල්ලි ගානට ගුවන්තොටුපොළින් එනකොට ටොෆි, චොක්ලට් ටික ගේන්න වැඩි තීරුබදු සහනයක් දෙන්න කැබිනට් මණ්ඩලය මට අනුමත කරලා දුන්නේ මාස 14කට විතර ඉස්සෙල්ලා. හැබැයි ලංකායට එවපු සල්ලි ටික බලලා මෙයාට මෙච්චර දෙන්න ඕනේ කියලා සියල්ල යෝජනා කරලා, ජනාධිපතිතුමා ගැසට් එකත් ගහලා තියෙද්දි අපේ කස්ටම් එකේ අයට බැරි වුණා අපේ විදේශගත ශ්‍රමිකයන්ට සලකන්න.”

පුවත්

පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 26 වැනිදා

Published

on

By

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් මස 26 වන සෙනසුරාදා සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Continue Reading

පුවත්

පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනයට පොලීසියෙන් විශේෂ කමිටුවක්

Published

on

By

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව මේ වනවිට පොලීසියට ලැබී තිබේ.

ඒ අනුව අදාළ විමර්ශන වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ සභාපතිවරයාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක් පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ඉදිරි විමර්ශන පිළිබඳ මාධ්‍ය දැනුවත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.

එම කමිටුවේ අනෙකුත් සමාජිකයින් මෙසේය,

නියෝජ්‍ය පොලිස්පති – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ – ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය

මේ අතර මෙම කමිටුව මඟින් තවත් අනුකමිටු ගණනාවක් පිහිටුවා ඔවුන් විසින් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කරමින් පවතින අතර, ඒ අනුව මතුවන නව කරුණු සම්බන්ධයෙන් අලුතින් විමර්ශන ආරම්භ කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

කෙසේවෙතත් මෙම පරීක්ෂණ කොමිසම් වාර්තාව පිටු 66,000 – 67,000ක් අතර වන බැවින් දැනට පිහිටුවා ඇති කමිටු මඟින් මෙම වාර්තාව අධ්‍යයනය කරමින් පවතින අතර, ඉක්මනින් මීට අදාළ විමර්ශන ආරම්භ කර ඉදිරි නෛතික කටයුතු අදාළ පුද්ගලයින්ට එරෙහිව සිදුකරනු ලබන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Continue Reading

පුවත්

පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ශෝකය

Published

on

By

ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ  (උපත් නාමය ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ) ස්වර්ගස්ථ වීම පිළිබඳ  ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ  සභාපති,ජපානයේ  ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ බලවත් ශෝකය ප්‍රකාශ කරති.

අවස්ථා කීපයකදීම මට හමුවූ ශුද්ධෝතම ප්‍රැන්සිස් පාප් වහන්සේ  අතිශය නිහතමානී කමින් යුක්ත, ආගමික සහජීවනය පිළිබඳ ඉතාමත් ගැඹුරු දර්ශනයකින් යුත් දිළිඳු ජනයා කෙරෙහි මහා ආදරයකින් යුක්ත යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෞරවනීය ශ්‍රාවකයෙකි.

2015 දී ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවේ දී මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරයට සැපත්වීම උන් වහන්සේගේ ආගමික සහජීවනයේ කැපී පෙනුණු සිදුවීමක් විය.උන් වහන්සේ ඒ අවස්ථාවේ දී මා හට ප්‍රකාශ කළේ බෞද්ධ විහාරයකට සැපත් වූ ප්‍රථම පාප් වහන්සේ තමන් බවය.

උන් වහන්සේ 1936 දෙසැම්බර් 17 දින උපත ලැබීය. ජේසුස් වහන්සේගේ සමාජයෙන් (ජේසුයිට් නිකායෙන්)  පාප් වහන්සේ ලෙස පත් වූ පළමු පාප් වහන්සේ ලෙසත් ඇමරිකාවෙන් බිහි වූ  සහ 8 වන සියවසේ සිරියාවෙන් පත් වූ තුන්වන ග්‍රෙගරි පාප් වහන්සේ ගෙන් පසු යුරෝපයෙන් පිටත උපත ලැබූ හෝ හැදී වැඩී උත්තරීතර පාප් වහන්සේ තනතුරට පත් වූ පළමු පාප් වහන්සේ ලෙස ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ රෝමානු කතෝලික පල්ලියේ ඉතිහාසගත වූ චරිතය වේ.

සැබෑ කිතු දහම හා සාමය ලොව පුරා ප්‍රචලිත කිරීමට සිය ජීවිත කාලයම කැප කළ උන් වහන්සේට ස්වර්ග මෝක්ෂ සුවය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු යැයි බානගල උපතිස්ස නා හිමියෝ සිය ශෝක පණිවිඩයෙන් ප්‍රාර්ථනා කරති.

ඡායාරූපය – News1st 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved