Connect with us

පුවත්

මනෝ ගනේෂන්ගෙන් මහින්දානන්දට අභියෝගයක්

Published

on



සමගි ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට දැනටමත් ජයග්‍රහණය කර ඇති බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නායක පා.ම මනෝ ගනේෂන් මහතා පවසයි.

මනෝ ගනේෂන් මහතා ඒ බැව් කියා සිටියේ  ඊයේ දින පස්වරුවේ සමගි ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරිම වෙනුවෙන් නාවලපිටිය ප්‍රදේශයේ පැවති රැස්විමකට සහභාගී විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි.

මෙහිදි අදහස් දැක්වූ මනෝ ගනේෂන් මහතා කියා සිටියේ මහින්දානන්ද අලුත්ගමගේ මහතා පුළුවන් නම් සිලින්ඩරය රැගෙනවිත් නාවලපිටිය නගරයේ ව්‍යාපාරයක් කරන ලෙසට තමන් අභියෝග කරන බවයි.

එය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට සිදු කිරිමට නොහැකි බවද මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කලේය.

වතු කම්කරුවන්ට රු 1700 දෛනික වැටුපක් ලබාදෙන බවට ජනාධිපති අපෙක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු වු බවත්, එම වැටුප මේ වන විට රු 1350 දක්වා අඩු කර ඇතත්, එයද මෙතෙක් ලැබි නොමැති බව මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

පුවත්

බෝරා වෙනුවෙන් කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

Published

on

By

බෝරා ආගම අදහන ප්‍රජාවගේ අධ්‍යාත්මික නායකයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සමුළුව හෙට (25) කොළඹ කොටුව ඩී. ආර්. විජේවර්ධන මාවතේ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

මෙම සමුළුව 2025.06.25 වනදා සහ 2025.06.27 සිට 2025.07.05 දක්වා පැවැත්වෙයි.

ඒ සඳහා බෝරා ආගම අදහන විශාල බැතිමතුන් පිරිසක් සහභාගී වීමට නියමිතව ඇති බැවින් ඉහත දිනවල උදෑසන 7:00 සිට රාත්‍රී 10:00 දක්වා මරදාන ඩාර්ලි පාර, ගාමිණි වටරවුමෙන් ඩී.ආර්.විජේවර්ධන මාවතට බහාලුම් රථ, ගල්, වැලි පටවන ලද ටිපර් රථ ඇතුළුවීම සීමා කිරීමට කටයුතු කරනු ලබන බව පොලීසිය දැනුම්දෙයි.

එමෙන්ම 2025.06.27 වන දින සිට 2025.07.05 වන දින දක්වා උදෑසන 07:00 සිට උදෑසන 11:30 දක්වා සහ සවස 03:00 සිට රාත්‍රී 10:00 දක්වා බම්බලපිටිය බෝරා මුස්ලිම් දේවස්ථානයේදී බෝරා සමුළුව පැවැත්වෙයි.

පොලීසිය දැනුම්දෙන්නේ එම දිනවලදී වැල්ලවත්ත දෙස සිට මුහුදුබඩ මාර්ගයේ බම්බලපිටිය හරහා කොල්ලුපිටිය දෙසටත්, කොල්ලුපිටිය සිට බම්බලපිටිය හරහා වැල්ලවත්ත දෙසටත් කන්ටේනර් රථ, ගල් වැලි පටවන ලද ටිපර් රථ ඇතුළුවීම සීමා කරනු ලබන බවය.

පොලීසිය වැඩිදුරටත් දැනුම්දෙන්නේ, බම්බලපිටිය පොලිස් වසමේ ග්ලේන් ආබර් පෙදෙසට වාහන ගමනාගමනය සීමා කරමින් ගාලු පාරෙන් ග්ලේන් ආබර් පෙදෙසට ඇතුළුවී මුහුදුබඩ මාර්ගයට ගමනාගමනය සිදු කිරීමට කටයුතු කරනු ලබය බවය.

බම්බලපිටිය පොලිස් වසමේ ආදිමලේ පෙදෙසට වාහන ඇතුල් වීම පදිංචිකරුවන්ට පමණක් සීමා කෙරේ.

Continue Reading

පුවත්

රාජ්‍ය ආයතන 4ක සභාපතිවරු ලෙස පත්කළ නිලධාරීන්ට අනුමැතිය

Published

on

By



රාජ්‍ය ආයතන හතරක සභාපතිවරු ලෙස පත්කරන ලද නිලධාරීන් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.

ඒ එම කාරක සභාව පසුගිය 20 වනදා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතීත්වයෙන් රැස්වූ අවස්ථාවේදීය.

මේ අනුව සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ (ETF) සභාපතිවරයා ලෙස සෝමසිරි ඒකනායක, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස බී. ඒ. පී. කේ. ආර් බමුණු ආරච්චි, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස එම්. ආර්. එච් ස්වර්ණතිලක සහ පරන්තන් කෙමිකල්ස් සමාගමේ සභාපතිවරයා ලෙස එස්. නේසරාජන් යන මහත්වරුන්ගේ පත්කිරීම්වලට මෙසේ කාරක සභාවේ අනුමතිය හිමි වූ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කර තිබේ.

Continue Reading

පුවත්

පොහොර තොග සඟවන වෙළෙන්දන්ට අනතුරු ඇඟවීමක්

Published

on

By

පොහොර තොග සඟවන වෙළෙන්දන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමර්ග ගන්නා බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි .

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, යළ කන්නයට ප්‍රමාණවත් පොහොර තොග මෙරට ඇති බවය.

එහෙත් ඇතමුන් මෙරට පොහොර හිඟයක් මවා පෑමට උත්සහ දරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ඔහු සඳහන් කළේ යූරියා පොහොර තවත් ප්‍රමාණයක් යළ කන්නය සඳහා අවශ්‍ය බවය.

එම අවශ්‍ය පොහොර මෙට්ට්‍රික් ටොන් පහලොස් දහසක් ප්‍රමාණයද මෙරටට ගෙන ඒමට පියවර ගෙන තිබෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි .

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved