පුවත්

“මම ආයේ පාර්ලිමේන්තු එන්නේ නැහැ”

Published

on

තමන්වහන්සේ එළැඹෙන මැතිවරණයට තරඟ කර පාර්ලිමේන්තුවට පැමිණීමට කිසිඳු බලාපොරොත්තුවක් නොමැති බව පූජ්‍ය අතුරළියේ රතන හිමියන් පවසයි.

අද කොළඹ (03) පැවති විරෝධතාවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ පවසා සිටියේ දේශපාලනය කිරීමට පාර්ලිමේන්තු යෑම අත්‍යවශ්‍ය නොවන බවය.

රට ගැන සිතා තමන්වහන්සේ ඇතුළු පිරිස ගෙන ආ කාබනික ප්‍රතිපත්තිය ගෝඨාභය රාජපක්ෂ හීනෙන් බයවී මෙන් ක්‍රියාත්මක කිරීමට යෑමෙන් එහි සංකල්පය පවා දූෂණය වී ගිය බව මෙහිදී උන්වහන්සේ සඳහන් කලේය.

එමෙන්ම එළැඹෙන ජනාධිපතිවරණයකදී රනිල් වික්‍රමසිංහ ඇතුළු රාජපක්ෂ නඩයම පන්නා දැමීමට කටයුතු කරන බවත් රනිල් වික්‍රමසිංහ දැනටත් ක්‍රියාත්මක කරන්නේ ‘යළි පුබුදමු ශ්‍රී ලංකා’ වැඩසටහනට අනුව සියල්ල විකුණා දැමීම බවත් රතන හිමියන් වැඩිදුරටත් පෙන්වා දෙයි..

Trending

Exit mobile version