Connect with us

පුවත්

මම ජීවත් වෙන්නේ ඉඩම් විකුණලා

Published

on

Chandrika Bandaranayake Kumarathunga

තමන් ජනාධිපති ධුරයෙන් විශ්‍රාම ගන්නාවිට තම බැංකු ගිණුමේ මුදල් නොතිබූ බවත්, මේ වනවිට ඉඩම් විකුණා ජීවත් වන බවත් හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

වත්මන් දේශපාලන සම්බන්ධයෙන් කළ විමසීමකදී ඇය මේ බව පවසා තිබුණි.

මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් කුමාරතුංග මහත්මිය පවසා තිබුණේ, ආණ්ඩුවෙන් තමන්ට කිසි දෙයක් නොලැබෙන බවය.

එමෙන්ම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අවුරුදු නවයක් තමන්ට විශ්‍රාම වැටුප ලබා නොදුන් බව කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

“අපි කාගෙන්වත් කාලා නැහැ. අපේ තියෙන ඒවා අනික් අයට දුන්නා මිසක්. ජනාධිපති ධුරයෙන් ගෙදර යනකොට ඇත්ත වශයෙන්ම මගේ බැංකු ගිණුමත් ඕවර් ඩ්‍රාෆ්ට්. පස්සේ ඉඩම් විකුණ විකුණ දැන් ජීවත්වෙන්නේ. ආණ්ඩුවෙන් මට කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂගේ අවුරුදු නවයම මට පෙන්ෂන් එක දුන්නෙත් නැහැ. මගේ සේවක මණ්ඩලයේ පඩි ගෙවන්නේ මම. ලයිට් බිල්, වතුර බිල් ගෙවන්නේ මම. මට ලැබිලා තියෙන්නේ රජයේ ගෙයයි, වාහන 4යි. මට යන්න ජීප් එකකුයි , කාර් එකකුයි. ආරක්ෂකයින්ට දෙකක් තියෙනවා. කාර් 4ක් තියෙනව, ඒවත් ඕන්නම් ගත්තාවේ. බස් එකේ ගන්න මට කිසි ලැජ්ජාවක් නැහැ.”

පුවත්

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩා වැටෙයි

Published

on

By

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය.

මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු සිදුකරන අතර ඇතිවී ඇති මාර්ග තදබදය හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Published

on

By

තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව පැවසුවේ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් සහ පක්ෂ මෙන්ම සලකුණ හඳුනා ගැනීම සඳහා ද මෙමගින් පහසුකම් සලසා ඇති බවය.

eservices.elections.gov.lk යන යොමුව මඟින් මැතිවරණ ‘e’ සේවාව වෙත පිවිස එහි රාජ්‍ය නිලධාරීන් සඳහා වන තැපැල් ඡන්ද තොරතුරු සඳහා වන යොමුව වෙත පිවිස තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

Continue Reading

පුවත්

අද ගිගුරුම් සහිත වැසි

Published

on

By

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (23) ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved