මෙරට සියලු ජනතාවගේ අනාගතය සුරක්ෂිත කිරීමේ ජනවරම සැප්තැම්බර් 21 වනදා තමන් වෙත ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (15) පෙරවරුවේ රාජගිරිය මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණ සිය නාම යෝජනා පත්‍ර භාර දීමෙන් අනතුරුව ඒ අසළ රැස්ව සිටි ආධාරකරුවන් අමතමිනි.
රට තුළ නව ආර්ථික සහ දේශපාලන පරිවර්තනයක් සිදු කිරීම සඳහා ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට තමන්ට අවස්ථාව ලබා දෙන ලෙස එහිදී ඔහු පැවසුවේය.
”2022 ජූලි වෙනකොට ගෙවල් ගිනි තියලා. ජනාධිපති කාර්යාලය අල්ලගෙන ,අරලිය ගහ මන්දිරේ අල්ලගෙන මගේ ගෙදර ගිනි තියලා අගමැති කාර්යාලය අල්ලගෙන තිබුන අවස්ථාවක මම රට බාරගත්තා.කවුරුත් හිතුවා ආණ්ඩුව ගෙනියන්න බැරිවෙයි කියලා.කතානායක තුමත් මමත් සියලු දෙනාම පාර්ලිමේන්තුව අල්ලන්න ඉඩදුන්නේ නැහැ.ඒ නිසා අද මේ ඡන්දේ තියනවා.ඒ පාර්ලිමේන්තුව මාව ජනාධිපති කළා.යුධ හමුදාව පොලිසිය විශේෂ ආරක්ෂක බලකාය අපිට පාර්ලිමේන්තුව ආරක්ෂා කරලා දුන්නා.නැත්තන් අද අපි බංගලාදේශය වගේ…මේක නවත්තන්න විපක්ෂයේ කවුරුවත් ඉඩ දුන්නේ නැහැ.පැනලා ගියා.අපිට පින් සිද්ධවෙන්න එයාලට පුලුවන් ජනාධිපතිවරණෙට ඉදිරිපත් වෙන්න.එයාල සුදුසුද ආණ්ඩුවක් භාර ගන්න.ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න පුලුවන්ද….ඉන්ධන පෝලිම් බෙහෙත් පෝලිම් ගෑස් පෝලිම් නැහැ.දැන් අපිට සල්ලි තියනවා,සහන තියනවා ජිවත් වෙන්න පුලුවන්.ප්‍රශ්න තියනවා.ණය ගන්න තියනවා .අමාරුවෙන් ජිවත් වෙන්නේ ඒක මම දන්නවා.ඒ ගැන මම කණගාටු වෙනවා.ආර්ථිකය වට්ටපු අය එකක් මම තරහයි.”