Connect with us

පුවත්

මම තවමත් වැඩ(වීඩියෝ)

Published

on

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් පත් කරනතුරු තමා තවදුරටත් එම කාර්යයෙහි නිරත ව බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ධුරයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු ලබා දෙමිනි.

“පොලිස් නිලධාරියෙක්ට යම් වගකීමක් පැවරුවාට පස්සේ, ඒ වගකීමෙන් ඉල්ලා අස්වීමේ හැකියාවක් නැහැ. නමුත් මම පුද්ගලික හේතු මත ස්ථාන මාරුවීමක් ඉල්ලා තිබෙනවා. ඒ කටයුතු සිදු කෙරිලා, ඒ වෙනුවෙන් යම් නිලධාරියෙක් පත් කෙරෙනතුරු මට පවරලා තියෙන වගකීමෙන් ඉවත්වීමට හැකියාවක් නැහැ. ඒ අනුව ඉදිරියේදී ඊට අදාළ කටයුතු සිදුවෙනකම් මම මේ තනතුරේ රාජකාරියේ නිරත වෙනවා.”

වීඩියෝ – VOICE TUBE

සබැඳි පුවත් 

පුවත්

ඔරුගොඩවත්තේ මාරක අනතුරක්

Published

on

By

අද (26) අලුයම 2.30ට පමණ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී කන්ටේනර් රථයක් ත්‍රිරෝද රථයක් මතට පෙරළී අනතුරක් සිදුව තිබේ.

ඔරුගොඩවත්ත ආලෝක සංඥා පුවරුව අසලදී අවිස්සාවේල්ල දෙසින් පැමින ඉඟුරුකඩේ දෙසට හැරවූ ප්‍රයිම් මුවර් රථයක් බහාලුමත් සමග පෙරලීයෑමෙන් මෙම  අනතුර සිදුව තිබේ.

අනතුරින් ත්‍රිරෝද රථ රියදුරු බරපතළ තුවාල ලබා ඇති අතර, කොළඹ ගිනිනිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ඔහුව රෝහල් ගත කර ඇත.

ඡායා – Accident 1st

Continue Reading

පුවත්

ශ්වසන රෝග ව්‍යාප්තිය ඉහළට

Published

on

By

පවතින වැසි තත්ත්වය හමුවේ, ශ්වසන රෝගය ව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා සඳහන් කළේ, කුඩා ළමුන්, වයස්ගත පුද්ගලයින්, ගර්භනී මව්වරුන් හා නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයින් මේ පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතු බවය.

හුස්ම ගැනීමේ අපහසුතා පවතී නම් කඩිනමින්, වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවන ලෙස ද සෞඛ්‍ය අංශ විසින් උපදෙස් දෙයි.

Continue Reading

පුවත්

දුම්රිය තාක්ෂණ ශිල්පීන් වැඩ වර්ජනයක

Published

on

By

අතිකාල ගැටලුවක් මුල්කරගනිමින් දුම්රිය තාක්ෂණ ශිල්පීන් සහ දුම්රිය තාක්ෂණ ශිල්පී සහායකයින් අද (26) පෙරවරුවේ සිට සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව අද පෙරවරුවේ 7.00 සිට පැය 24ක කාලයක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන දුම්රිය සේවක සංගමයේ ලේකම් නදීර මනෝජ් මහතා පැවසුවේය.

සිය ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ඒ සඳහා විසඳුම් ලැබී නොමැති බව ඔහු සඳහන් කළේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved