රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇප මත මුදාහැර තිබේ.
අල්ලස් කොමිසම විසින් හිටපු කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතාට අද (06) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා භාර දෙන ලදී.
ඒ සිය නිත්‍යානුකූල ආදායම අබිභවා රුපියල් කෝටි ගණනක දේපළ, යාන වාහන සහ බැංකු ගිණුම් පවත්වාගෙන යාම තුළින් අල්ලස් පනත යටතේ වරදක් කළේ යැයි චෝදනා කරමිනි.
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ මෙම අධිචෝදනා විත්තිකරුට භාර දීම සිදුවිය.
ඉන් අනතුරුව විත්තිකරු ඇප මත මුදා හැරීමට අධිකරණය විසින් නියම කරන ලදී.
සබැඳි පුවත්