පුවත්

මව බැලීමට ජනපති අනුරාධපුර ශික්ෂණ රෝහලට

Published

on

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (20) පස්වරුවේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින සිය මව බැලීමට පැමිණ තිබේ.

කිසිවෙකුට හෝ නොදන්වා ජනාධිපතිවරයා මෙලෙස සිය මවගේ සුවදුක් බැලීමට ගොස් ඇති අතර, ඔහුගේ හදිසි පැමිණීම ගැන රෝහල් කාර්ය මණ්ඩලය හෝ නොදැන සිටි බව වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ මව මේ වනවිට සතියකට ආසන්න කාලයක සිට අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

Trending

Exit mobile version