Connect with us

පුවත්

මහජන උපයෝගිතා කොමිසම දෙකඩ වෙයි

Published

on

විදුලි ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය කළ යෝජනාව ක්‍රියාත්මක කළ යුතු යැයි මහජන උපයෝගිතා කොමිසමේ සෙසු සාමාජිකයන් තිදෙනා දැනුම්දී ඇති බවත් එම සාමාජිකයන් තිදෙනාගේ තීරණයට විරුද්ධ මෙන්ම ඊට එරෙහිව පෞද්ගලිකව නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන බවත් එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (20) පැවසීය.

එම කොමිසමේ උප සභාපති උදේනි වික්‍රමසිංහ, සාමාජිකයන් වන මොහාන් සමරනායක සහ චතුරිකා විජේසිංහ යන මහත්ම මහත්මීන් තිදෙනාගේ අස්සන්වලින් එම තීරණය ලිඛිතව අද දැනුම්දී ඇති බව කී රත්නායක මහතා කොමිසමේ සභාපතිවරයා වන තමන් නොමැතිව ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාමාජිකයන් තිදෙනා සමඟ ඊයේ (19) සාකච්ඡා කර ඇති බව ද සඳහන් කළේය.

පාර්ලිමේන්තු ජාතික සභාව මහජන උපයෝගිතා කොමිසමේ සියලුම සාමාජිකයන් කැඳවා කළ පෙරේදා කළ සාකච්ඡාවේදී කැබිනට් මණ්ඩලයේ යෝජනවා ක්‍රියාත්මක නොකිරීමට කොමිසම ගත් තීරණය එම සාමාජිකයන් දැනුවත් වීමකින් තොරව එළඹියේ යැයි පැවසීමෙන් තමන් දැඩි අපහසුතාවට පත්වූ බව කී සභාපතිවරයා පැවසුවේ ජාතික සභාවේ රැස්වීමට පැය දෙකකට පමණ පෙර එම සාමාජිකයන් තිදෙනා ජනාධිපතිවරයා හමුවී තිබූ බවත්ය.

ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්චාවට සභාපතිවරයා වන තමන්ට කිසිඳු ආරාධනාවක් නොතිබුණු බව කී ඒ මහතා ජාතික සභාවේදී ‘බලලා මල්ලෙන් එළියට පැන්න’ බව ද කීය.  

කැබිනට් මණ්ඩලය යෝජනා කළ විදුලි සංශෝධනය ඉක්මණින් ක්‍රියාකත්මක කළ යුතුයි යැයි එම සාමාජිකයන් තිදෙනා කළ දැනුම්දීම 2009 විදුලි පනතට සම්පූර්ණයෙන් පටහැනිවීම නිසා එකඟ නොවන බවත් ස්වාධින කොමිෂන් සභාවකට දේශපාලන බලපෑම් එල්ල වීම කොහෙත්ම අනුමත කළ නොහැකි බවත් සභාපතිවරයා පැවසීය.  

දේශපාලන බලපෑම් කිරීමට සම්පූර්ණ විරුද්ධ බවත් එම සාමාජිකයන් තිදෙනාට එරෙහිව දින දෙකක් තුළ නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන බවත් ස්වාධීන කොමිෂන් සභාවකට එවැනි ආකාරයට වැඩ කිරිමට නොහැකි බව ද සභාපතිවරයා කීය.

මහජන උපයෝගිතා කොමිසමේ සියලුම සාමාජිකයන් කැඳවා පසුගිය 12 වැනිදා විශේෂ රැස්වීමක් පවත්වා කැබිනට් තීරණය ක්‍රියාත්මක කළ නොහැකි යැයි තීරණය කිරීමෙන් පසුව ගත වූ දින අට තුළදී එම තීරණයට විරුද්ධ යැයි එම සාමාජිකයන් දැනුම් නොදුන් බව ද සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

කෙල්ලුපිටියේ පිහිටි මහජන උපයෝගිතා කොමිසමේ කාර්යාලයේදී අද (20) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එසේ අදහස් දැක්වීය.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved