“තෙල් සංස්ථාවේ සභාපති පඩිය හා දීමනා දෙගුණයකින් වැඩිකරගෙන හා තෙල් අධ්‍යක්ෂවරු මහජන මුදලින් කජු කති” යන සිරස්තලවලින් “අරුණ” පුවත්තේ පළවූ ප්‍රවෘත්ති දෙකෙහි සාවද්‍ය හා මහජනතාව නොමගයවන කරුණු ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්.ද එස්. රාජකරුණා මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් දක්වා තිබේ.
ඔහු අදාළ ලිපියෙන් වැඩිදුරටත් දක්වා ඇත්තේ එම පුවත මාධ්‍යවල උපුටා දැක්වීමෙන් ලංකා කනිජ තෙල් නීතිගත සංස්ථාවේ මෙන්ම තමාගේ කීර්ති නාමයට ද හානි වී ඇති බවද ඔහු සිය ලිපියෙන් වැඩිදුරටත් දක්වා තිබේ.
මේ පිළිබඳව වගකිවයුතු පාර්ශවවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත්, සමහර කරුණ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවත් රාජකරුණා මහතා සිය ලිපියෙන් වැඩිදුරටත් දන්වා තිබේ.
අදාළ පුවත්පත උපුටා දක්වමින් අප වෙබ් අඩවියද එම පුවත පළ කළ අතර ඉන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හා එහි සභාපතිවරයාට අපහසුතාවක් හෝ සිත් තැවුලක් ඇතිවූයේ නම් අප හුදෙක්ම කනගාටු වෙමු.
රාජකරුණා මහතා විසින් ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා වෙත යැවූ ලිපිය පහත දැක්වේ.
Last Update – December 18, 2024 7:19 am UTC+5:30
මහජන මුදලින් කජු කන මේ ආණ්ඩුවේ පිරිසක් ගැන හෙළිදරව්වක්!
අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වලදී ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය ජනතා මුදලින් කජු කන බව සමගි සන්ධාන ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය පවසයි.
සුගියදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එම සම්මේලනයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා මෙලෙස කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ආනන්ද පාලිත මහතා මෙසේ ද පැවසීය.
‘‘හිටපු ජනාධිපති සීයා කජු කනවා කියල තමයි කිව්වේ. නමුත් දැන් ඉන්න ආණ්ඩුවේ අයත් ඒ කජුම කනවා. තෙල් සංස්ථාවේ අයත් හොඳටම කජු කනවා දැන්. නමුත් ඔවුන් බැන්නේ කලින් ආණ්ඩුවට. දැන් සංස්ථාවේ සභාපතිත් කජු කනවා. මොකද ආණ්ඩුවේ අයත් ඒකම කළානේ. ඒ හින්දා මෙයාලටත් දැන් කජු කන්න හිතිලා තියෙන්නේ. රාජගිරිය කජු සංස්ථාවේ බිල් අංක දහතුනයි එකසිය හැත්තෑ දෙකට අනුව රුපියල් දහතුන් දහසක කජු අරගෙන තියනවා.
සුපිරි වෙළෙඳසලකිනුත් අරගෙන තියනවා. මේ ඔක්කොම කජු කාලා තියෙන්නේ ඛනිජ තෙල් සංස්ථාවේ අය තමයි රැස්වීම් වලදී. වංචාව දූෂණය නැති කරනවා කියල තමයි ආවේ. මේ ආණ්ඩුව වත්මත් රජය මේ වන විට සියයට 137 ඉක්මවූ බදු ආදායමක් ඉන්ධනවලින් ලබා තිබෙනවා. ආණ්ඩුව තෙල් හිඟයක් ඉදිරියේදී නොපැමිණෙන බව පැවසුවත් අනිවාර්යයෙන් එවැනි ගැටලුවක් පැමිණෙනවා.
ඉදිරියේදී තෙල් හිඟයකුත් එනවා…
හරවා යැවූ ඉන්ධන නැව යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගමට අයිති එකක් වුවත් තෙල් සංස්ථාව එම සමාගමට ඉන්ධන ලබාදීමට ගියහොත් ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන සංචිත අවම වෙනවා. ඛනිජ තෙල් සංස්ථාවේ වර්තමාන සභාපතිවරයා මේ වින විට සිදුකරන්නේ ජනතාව මුලා කරගනිමින් අසත්‍ය පතුරවන එක. කලක් තෙල් සංස්ථා සේවකයකුව සිටි වත්මන් සභාපතිවරයා ලක්ෂ හය ඉක්මවූ වැටුපක් ලබනවා. ආයතන දෙක සඳහාම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වෙනුවෙන් ඔහු දීමනා ලබාගන්නවා.”
මූලාශ්‍රය – අරුණ