මහජන බැංකුවට හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවට නොගෙවා පැහැර හරින ලද ණය නැත්නම් අක්‍රිය ණය ප්‍රමාණය බිලියන 700ක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කියයි.
ඒ, මහතා මේ බව කියා සිටියේ අද (29) පාර්ලිමේන්තු සැසිවාරයට එක් වෙමිනි.
මෙම ණය මුදල් අය කර නොගෙන මහජන බදු හරහා බැංකු ප්‍රතිප්‍රාග්ධනකරණය කිරීම ඉතා අයුක්ති සහගත බව පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේය.
බැංකුවල අක්‍රීය ණය ලැයිස්තු තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද සිටින බව චම්පික රණවක මහතා සඳහන් කරයි.
එම ලැයිස්තු ඉදිරිපත් කරන ලෙස අදාළ බැංකුවලින් රජයේ මුදල් කාරක සභාව ඉල්ලීමක් කර ඇති නමුත් එය ඉදිරිපත් කිරීමට බැංකු අසමත් වී ඇති බව ද ඔහු අවධාරණය කළේය.
එම ලැයිස්තුව ඉදිරිපත් කළ හොත් දූෂණය ගැන, නීතිය හා සාමය ගැන, අයුක්තිය, අසාධාරණය ගැන කතා කරන බොහෝ දෙනා ගේ රෙදි ගැලවෙන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි.
මේ නිසා රජය කළ යුත්තේ, අක්‍රීය ණය අය කර ගැනීම සඳහා සක්‍රීය වැඩපිළිවෙළක් යෝජනා කිරීම මිස මහජනතාව ගෙන් බදු අය කර ගැනීම නොවන බව මන්ත්‍රිවරයා අවධාරණය කළේය.