ශ්‍රී දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් ආරක්ෂක ජාලයක් මහනුවර නගරයේ ස්ථාපිත කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් පවසා සිටියේ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවැති බවය.
අදාළ කාල සීමාව තුළදී ජනතාවගේ යටිතල පහසුකම් වෙනුවෙන් ද විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක ය.
දළදා වන්දනාව ලබන 18 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.